මාධ්‍ය සංදර්ශන එපා : රාජකාරි පැහැර හැරිය පාර්ශවයන්ට දඩුවම් දෙන්න !

මාධ්‍ය සංදර්ශන එපා : රාජකාරි පැහැර හැරිය පාර්ශවයන්ට දඩුවම් දෙන්න !

පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිවූ සහ ඊට අදාල රාජකාරි පැහැර හැරි පාර්ශවයන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බව දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

මේ වන විටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දරගේ වරදින් බව ජනාධිපති සිරිසේන පවසා ඇති නමුත් ඔවුන් සම්බන්ධව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීම සැකසහිත බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව වගකිවයුතු පාර්ශව සෙවීමට කියා ජනාධිපති සිරිසේන පත්කල ත්‍රිපුද්ගල කමිටුව ලබාදී ඇත්තේ අතුරු වාර්තාවක් වන අතර සම්පුර්ණ වාර්තාව ලබාදීමට තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

එසේම තවදුරටත් කරුණු දක්වමින් දේශපාලන විචාරකයන් අවධාරණය කරන්නේ මේ වන විට අතුරු වාර්තාවක් නීතිපති වෙත යොමුකර ඇති බවට මාධ්‍ය වාර්තා පළවූවත් එය මාධ්‍ය සංදර්ශනයකට වැඩි දෙයක් නොවන බවය.

අතුරු වාර්තාවක් පදනම් කරගෙන වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් එම දෙපාර්තමේන්තුවට නිසි ක්‍රියාමාර්ග ගැනීමට නම් සම්පූර්ණ වාර්තාව කඩිනමින් ලබාදිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධව වැඩිදුරටත් දේශපාලන විචාරකයන් මෙසේද කරුණු දක්වයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් ජීවිත අහිමිවූ ප්‍රමාණය 250 ද 350 ද යන්න අදාල නැත. දැන් වැදගත් වන්නේ ඒ ජීවිත අහිමිවීමේ අවධානම සම්බන්ධව සංවේදී නොවූ පාර්ශවයන් ඇත්නම් ඔවුන් වෙත දැඩි දඩුවම් ලබාදීමය.

එසේ කලා කියා නැතිවූ ජීවිත යලි නොලැබීම සත්‍ය නමුත් රාජකාරි නියමිත ආකාරයට සිදුකර යලිත් කිසිදිනෙක එවැනි රාජකාරි මගහැරීමක් සිදුනොකිරීමේ පාඩමක් ඒ හරහා ලබාදීමට හැකියාවක් ඒ තුළ පවතී.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න