මාධ්‍යවේදීනට රටේ නායකයන්, දේශපාලඥයන් සහ ඇතිවන ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අයිතියක් සතු බවත් රටේ ආරක්ෂාව උදෙසා තම මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ටද ඒ සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇති බවත් තමන් විශ්වාස කරන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
ජනාධිපති සිරිසේනට අපහාස වන ආකාරයේ ලිපි 600ක් තැපැල් කිරීමට සූදානම් අවස්ථාවේ අත්අඩංගුවට ගනුලැබූ සිදුවීම පදනම් කරගෙන නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.
එසේම අදාල ලිපියේ ජාතිවාදී අදහස් හෝ අපහාසයක් නොමැති බවත් එහි තිබුණේ කලම්බු ටෙලිග්‍රාෆ් ( Colombo telegraph ) වෙබ් අඩවිය සිදුකළ අනාවරණයක සිංහල පරිවර්තනය බවත් අමාත්‍යවරයා නිකුත්කල නිවේදනයේ දැක්වේ.
තවද අත්අඩංගුවට ගනුලැබූ තම මාධ්‍ය නිලධාරීන්ගේ අනන්‍යතාව හෙළිදරව් කළ ආකාරයට හැකි නම් ඔවුන් තැපැල් කිරීමට පැමිණි ලිපියද මාධ්‍ය වෙත නිකුත්කරන ලෙසත් අමාත්‍යවරයා සිය නිවේදනය හරහා අභියෝග කර තිබේ.
ඇමතිවරයා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

එසේම කිරිඇල්ල අමාත්‍යවරයාගේ මාධ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට අදාල ලිපිය මේ වන විට සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත. එය පහත දැක්වෙයි.
අත්අඩංගුවට ගත්ත ලිපිය




