බාල වැඩ එපා - ඇත්තට මුහුණ දෙමු - දක්ෂයට තැන දෙමු - ඇමති රවී !

බාල වැඩ එපා - ඇත්තට මුහුණ දෙමු - දක්ෂයට තැන දෙමු - ඇමති රවී !

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් නැති තැන කතාකිරීම තිබෙන තත්ත්වය තවත් අවුල් කරගැනීමක් බවත් සමහර අය බොරදියේ මාලු බාන්න හදන බවත් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

මේ වනවිට රටේ ආරක්ෂාව, දක්ෂ ආරක්ෂක නිලධාරින්ට භාරදී ඇති බව සදහන් කල අමාත්‍යවරයා දක්ෂයන් ඉදිරියට ගෙනවිත් කටයුතු කිරීමට නොදීමත් අද අපේ රටේ විශාල ගැටළුවක් බවට පත්ව ඇති බවත් පැවසීය.

පසුගියදා රටේ ඇතිවූ අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් තව සතියකින් පමණ නිවැරදි වාර්තාවක් ඉදිරිපත් වනු ඇති බවත් එවිට ඇතිවූ තත්ත්වයන්ට වගකිව යුත්තේ කව්ද යන්න අනාවරණය වනු ඇති බවත් සිහිපත් කළේය.

මේ හැමදේම කළේ පසුගිය ආණ්ඩුව කියා ලේසියෙන් අත සෝදගන්න හැකි නමුත් තමන් එවැනි ලාබාල වැඩ කරන්නේ නැති බවත් පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, ඊයේ (05) කුකුළේගග ජල විදුලිබලාගාරයේ වර්තමාන තත්ත්වය සහ ආරක්ෂක තත්ත්වය පිළිබදව සොයාබැලීම සදහා සංවිධානය කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව මාධ්‍ය නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

යළිත් විදුලි අර්බුදයක් නොඑන්න වැඩ කරනවා !

එහිදී වැඩිදුරටත් මාධ්‍ය ඇමතූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

විදුලිබල අර්බුදයක් ඇතිවීම සම්බන්ධයෙන් යම් යම් පිරිස් දැන් අදහස් දක්වනවා. කලින් පැවති ආණ්ඩුව ඒ ප්‍රශ්නය ඇති කරලා දැන් අපිට දොස් පවරන එක තමයි ලොකුම විහිළුව. අපේ ආණ්ඩුව පත්වීමෙන් පසුවත් මේ සම්බන්ධයෙන් මන්දගාමී ස්වරූපයෙන් තමයි ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. මේ ප්‍රශ්නයට දේශ පාලඥයින් පමණක් නෙමෙයි රජයේ නිලධාරීන් පවා වගකිව යුතුයි. මේ ප්‍රශ්නය විසදන්න මූල්‍යමය පැත්තෙන් කිසිම උනන්දුවක් නැති බවයි පෙනෙන්නේ. නිෂ්පාදන වියදම අඩුකරලා, අහිංසක ජනතාව බදු බරෙන් නිදහස් කරන්නයි අවශ්‍ය වන්නේ. දැන දැන ප්‍රශ්න ඇතිකරගන්න රටක් තමයි ලංකාව.

ලංවීම පාඩුව බරපතලයි !

දැන් ප්‍රශ්නය හංගන්න අවශ්‍ය නැහැ. විවෘත කළ යුතුයි. ලංවිම රු. බිලියන 100 ක අලාභයක් පවතිනවා. මීට පෙර හිටිය අමාත්‍යවරුන් නොදැනුවත්කමින් හෝ නොසිතා යම් යම් ප්‍රකාශ කරලා තිබෙන තත්ත්වය තවතවත් උග්‍ර කරනවා. නමුත් මම කැබිනට් මණ්ඩලයත් සමග ඉතාමත් විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරලා, ඉදිරියේදී පත්වන විදුලිබල අමාත්‍යවරයෙකුට මෙවැනි ප්‍රශ්නයක් ඇතිනොව ආකාරයෙන් කටයුතු කරනවා. මම එක දෙයක් ස්ථිරවම කියනවා. නිෂ්පාදන වියදම කෙතරම් වුවත් ගෘහස්ත විදුලිබිල වැඩි කරන්න දෙන්නේ නැහැ. මොන බාධකයක් තිබුණත් අවම මිලක් යටතේ විදුලිය ජනනය කරන්න අපි ක්‍රියා කරනවා "

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

"කුකුළේගග බලාගාරයේ වර්තමාන තත්ත්වයත් ආරක්ෂක තත්ත්වයත් ගැන බලන්නයි අද මේ නිරීක්ෂණ චාරිකාව යොදා ගත්තේ. මේ වනවිට අපේ විදුලිබලාගාර සහ ඒ ආශ්‍රිත සියළුම ස්ථානයන්ට දැඩි ආරක්ෂාවක් සපයලා තිබෙනවා. ඒ ආකාරයෙන් විධිමත් ආරක්ෂාවක් සැපයීම තමයි අවශ්‍ය වන්නේ.

 ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය සහ මම, විදුලිබල මණ්ඩලයේ අදාළ නිලධාරීන්ට දැනුම්දීලා තිබෙනවා, එක තත්ත්පරයකටවත් විදුලිය නවත්තන්න එපා කියලා. ඒ වැඩපිළිවෙල තුළ ලං.වි.ම. නිලධාරීන් යම් අදහස් කිහිපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. මම ඒ සියල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. අපි විදුලිබලය පිළිබදව ප්‍රශ්නයකත් දන්නවා. ඒකට අදාල විසදුමත් දන්නවා. නමුත් කැබිනට් මණ්ඩලයේ කිහිපදෙනෙක් මේ පිළිබදව හරස් වෙලා තිබෙනවා. ලබන සතියේදී මේ සදහා අපි කැබිනට් මණ්ඩලයේ ස්ථිර විසදුමක් ලබා ගන්නවා.{gallery}ravi-m{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න