මද්‍රසා පාසැල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව අද (06 වන දා) තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර ඇත.
ඒ සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිවේදනයක් නිකුත්කර ඇති අතර ඊට අනුව මෙම වාර්තාව සැකසීමේ දී වෙනත් රටවල දැනට ක්‍රියාත්මක වන නීතිරීති මෙන්ම ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන පණත ද අධ්‍යයනයට ලක්කර තිබේ.
එසේම මේ වාර්තාවට අනුව ඉදිරියේ දී සියළු මද්‍රසා පාසැල් නියාමනයට හා පොදු නීතිරීති මාලාවකට යටත්ව ක්‍රියාත්මක වීමට නියමිත ය.
නීතිපතිවරයාගේ හා නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ නිරීක්‍ෂණ ලබා ගැනීමෙන් අනතුරුව වාර්තාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරේ.
අනතුරුව නව නීතිරීති කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගැනෙණු ඇත.

