රිෂාඩ්ගේ සහෝදරයාගේ නිවසේ සෝදිසියක් : 54 හිස් අතින් යයි !

රිෂාඩ්ගේ සහෝදරයාගේ නිවසේ සෝදිසියක් : 54 හිස් අතින් යයි !

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු මෙන්ම හිටපු උතුරු පලාත් සභා මන්ත්‍රී වරයෙකු වන රිෆ්කාන් බදියුදීන්ගේ මන්නාරම් තාරාපුරම්හි පිහිටි නිවස අද (06) හදීසි සෝදිසි පරික්ෂාවකට ලක්කර ඇති නමුත් එහි තිබී සැකකටයුතු කිසිවක් හමුව නැති බව වාර්තා වෙයි.

මේ බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය තහවුරු කරයි.

වාර්තා වන ආකාරයට මේ පරීක්ෂාව සිදුකර ඇත්තේ වන්නි ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි 54 වන සේනාංකයේ යුද හමුදා සෙබලුන් හා මන්නාරම පොපීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වය.

මෙම සෝදිසි මෙහෙයුම දියත් කොට ඇති අතර අද උදෑසන් සිට දහවල් වන තුරු සිදු කොට ඇත.

තාරාපුරම් හි පිහිටි පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන්ගේ නිවස පරික්ෂා කලද එහි තිබී සැකකටයුතු කිසිවක් හමු වී නොමැති අතර පසුව තාරාපුරම් ගම්මානය හා අවට තිබූ තුර්කි නගර් ගම්මානයද සෝදිසි පරික්ෂාවකට ලක් කර ඇත.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්නාරමට පැමිණෙන අවස්ථාවේදී තාරාපුරම්හි පිහිටි රිෆ්කාන් බදියුදීන්ගේ නිවසේ රැඳී මැතිවරණ කටයුතු හා මහජන හමුවීම් ආදී කටයුවල නිරත වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න