සිරිසේනගේ ගෝල අසාද් සාලි : බුද්ධි අංශ හායි !

සිරිසේනගේ ගෝල අසාද් සාලි : බුද්ධි අංශ හායි !

මේ රට තුල ත්‍රස්තවාදී ව ආරක්ෂා කරන ලද්දේ වෙන කිසිවෙකු නොව බුද්ධි අංශ විසින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සඳහන් කරයි.

කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන් සම්බන්ධ තොරතුරු තමන් ද අදාළ අංශ වෙත ලබාදී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැතැයි ද ඔහු චෝදනා කළේය.

හාමුදුරුවනේ මයික් ලැබුණට කියවන්න එපා !

‘ත්‍රස්තවාදීන්ට විරුද්ධව වැඩ කරන අපිව ත්‍රස්තවාදීන් කරන්න එපා ගරු ස්වාමීන් වහන්සේලා ට මයික් ලැබුණු පළියට කතා කරන්න එපා මේවට වන්දි ගෙවන්න වෙයි’ යයි ද ඔහු කීය.

එසේම ජාතික තව්හිද් ජමාත් සංවිධානයට එරෙහිව තමන් 1994 සිට කටයුතු කරන බවත් එම සංවිධානයේ නායකයා මෙරටට පැමිණීම වලක්වා ගත්තේ ද තමන් බවත් ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

තවද තව්හිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රසාක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර නොමැති බවත් සදහන් කරමින් ආණ්ඩුකාර අසාද් සාලි දිගින් දිගටම බුද්ධි අංශ පිට මේ ප්‍රහාරයේ වගකීම පැවරීමේ උත්සාහයක නිරතව සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න