මහින්දගේ ඇමතුම් වැඩ කරයි : රට ගිනිතියන්න ගිය පියල් අත්අඩංගුවට නොගනියි !

මහින්දගේ ඇමතුම් වැඩ කරයි : රට ගිනිතියන්න ගිය පියල් අත්අඩංගුවට නොගනියි !

සාවද්‍ය ප්‍රකාශයක් කරමින් ජාතිවාදී කෝලාහලයක් ඇතිකිරීමට උත්සාහ ගනුලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ඊයේ (06) අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළත් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම වලක්වා ගැනීමට ඉහළ දේශපාලන මැදිහත්වීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණේ ඔහු විසින් අප්‍රේල් 26 වනදා ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනේදී සිදුකළ ප්‍රකාශයක් මතය.

රට ලේ විලක් කරන්න පියල් කිව්ව කතාව !

එහිදී පියල් නිශාන්ත මන්ත්‍රීවරයා පවසා සිටියේ සයින්දමරදු ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් සමග ඇතිවූ ගැටුමකදී හමුදාවේ 11ක් මියගිය බවය. එය තමන්ට ලැබුණු තොරතුරක් බවත් ප්‍රකාශයේ වගකීම තමන් ගන්නා බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

සිරිසේනගේ සහ මංගලගේ පැමිණිල්ල

නමුත් ඒ ප්‍රකාශය අසත්‍ය බව තහවුරු විය. රටේ උද්ගතව තිබූ තත්ත්වය හමුවේ සිදුකළ එම සාවද්‍ය ප්‍රකාශය, කිසියම් කෝලාහලයක් , ජාතිවාදී ගැටුමක් ඇතිකිරීමේ අපේක්ෂාව ඇතිව දැනුවත්ව සිදුකර ඇති බවට පැහැදිලි සැකසංකා මතුවූ අතර ඒ ගැන පරීක්ෂණයක් ඉල්ලා මුදල් අමාත්‍ය මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ලිඛිතව සිදුකරනු ලැබිණ.

එසේම ජනාධිපති සිරිසේන ද මේ සම්බන්ධව විමර්ශනයක් සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

පියල් නිශාන්ත මන්ත්‍රීවරයා ඊයේ (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ප්‍රශ්න කිරීම සිදුවූයේ ඒ අනුවය.

මහින්දගෙන් සිරිසේනට ඇමතුම් පිට ඇමතුම් !

පසුව ඔහුගේ කටඋත්තරය මත අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් දැඩි මැදිහත්වීමක් සිදුකර එය වලක්වා ගෙන තිබේ.

වාර්තා වන ආකාරයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ දිගින් දිගටම ජනාධිපති සිරිසේනට සහ ජනාධිපති කාර්‍යාලය අමතමින් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස ඇවටිලි කර ඇත.

කෙසේහෝ වේවා අවසානයේ මන්ත්‍රීවරයා නිදහස් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති නමුත් මීට අදාල විමර්ශනය අවසන් නැත.

අද ආශු මාරසිංහ : සීඅයිඩී යට කැදවයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ප්‍රශ්න කිරීමට නියමිත වන්නේ ඒ අනූවය.

ඒ ඊයේ (06) පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කටඋත්තරයක් පදනම් කරගෙනය.

පියල්ට තොරතුර දුන්නේ ආශු ?

කෙසේ නමුත් මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත්තේ තමන්ට මේ තොරතුර ලබාදුන්නේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ බවය.

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇත.

විමර්ශන අවසන් නෑ !

මේ සම්බන්ධ අප කළ සොයා බැලීමේදි අනාවරණය වූයේ මීට අදාල විමර්ශන අවසන් කර නොමැති බවය. අද ආශු මාරසිංහ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඉදිරි විමර්ශන වලදී තීරණාත්මක වන අතර තවත් පාර්ශව කිහිපයකින් ප්‍රකාශ ගැනීමට නියමිත බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න