Language Switcher

V2025

ස්ත්‍රීන්ට කොන්දේසි පැනවීම ගැන ඉනෝකා කෝපයෙන් !

කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීමට ඉඩකඩ සලසමින් ආණ්ඩුව විසින් ජනවාරි 10 බදාදා නිකුත් කරන ලද චක්‍රලේඛය අවලංගු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මත්පැන් මිල දී ගැනීම සහ මත්පැන් වෙළෙඳසැල්හි රැකියා කිරීම සම්බන්ධයෙන් වසර හැටක පමණ කාලයක් කාන්තාවන්ට බල පැවැත්වුන තහංචි ඉවත් කරන බව නිවේදනය කර තිබුණේ මුදල් ඇමති මංගල සමරවීර විසිනි.

මේ ඒ සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරීනියක් හා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී mirrorarts වෙත මෙසේ අදහස් දක්වා ඇත.

''මම පොදුවේ මත්පැන් විරෝධී කෙනෙක්. ඒක පුරුෂ පාර්ශ්වයට වගේම ස්ත්‍රී පාර්ශ්වයටත් අදාළයි. මම වයින් ටිකක් වත් නොබොන කෙනෙක්. ඒක මගේ ෙපෟද්ගලික ස්ථාවරය. නමුත් ඒක සමාජයකට අදාළ වෙන්න නැහැ.

අලුතින් ඇතිකරල තියෙන තත්ත්වය ගැන කතා කරද්දි මට මෙහෙම කියන්න පුළුවන් . අවශ්‍යතාවක් තියෙන කෙනා මත්පැන් අලෙවි සැල්වලට යන්න දුන්නත් නැතත් ඒ අවශ්‍යතාව ඉටුකරගන්නවා. ඉතින් එතනදි ස්ත්‍රීන් සඳහා ඇතිකරපු යම් ආකාරයක ලිහිල් කිරීම හුඟක් අයට ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි කියන එක ගැටලුවක්. ඒක ස්ත්‍රී ද පුරුෂ ද කියල වෙනසක් නැතිව තමන්ට අවශ්‍ය දේ ලබාගැනීමට තිබෙන නිදහස පිළිබඳව ගැටලුවක් මතුකරන්න අවශ්‍ය නැහැ.

මොකද ස්ත්‍රී පුරුෂ කියන දෙපාර්ශවයටම ජීවිතේදි තමන්ට අවශ්‍යයයි කියල හිතෙන දෙයක් ලබාගැනීමට එකම පොදු තත්ත්වයක් තිබිය යුතුයි.

ස්ත්‍රීන්ට එක කොන්දේසියකුත් පිරිමින්ට තව කොන්දේසියකුත් තිබීම සාධාරණ නැහැ.

ඒ කොහොම වුණත් පොදුවේ ගත්තම මම මත්ද්‍රව්‍ය විරෝධී කියන තැනයි ඉන්නෙ. නමුත් මේ ලිහිල් කිරීම සම්බන්ධව ලොකුවට කතාකරන්නවත් ස්ත්‍රී පුරුෂ කියල විශේෂත්වයක් ඇති කරන්නවත් අවශ්‍ය නැහැ.

මොකද ඔය ලිහිල් කිරීම කළත් නැතත් අවශ්‍ය කෙනා අවශ්‍ය දේ ලබාගන්නවා. මෙතනදි මතු කළ යුත්තෙ ඇයි මේ තරම් කලබල වෙලා ඉන්නෙ කියන කාරණය විතරයි.''

(mirrorarts.lk )