පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් : අගමැති සූදානම් !

පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් : අගමැති සූදානම් !

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පළිබඳ පිළිබඳව සියළු කරුණු සොයා බැලීම සඳහා සියළු පක්‍ෂ නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණු රජය පූර්ණ සහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

පසුගියදා ඇල්පිටියේ මෙරිකිඩ්ස් උත්සව ශාලවේදී ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සොයා බැලීමේ වගකීම පාර්ලිමේන්තුවට ලබාදෙමු යැයි වැදගත් යෝජනාවක් සිදු කළා. එය ඉතා වැදගත්. චෝදනා තිබෙනවා නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර එහිදී විමසා බැලිය හැකියි.

මේ වන විට ජනාධිපතිතුමා ආණ්ඩුවෙන් කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා. ආණ්ඩුවේ කොමිෂන් සභාවක් පත් කිරීම පමණක් ප්‍රමාණවත් මදි යැයි ඇතැමුන් පවසනවා. එසේ නම් තේරීම් කාරක සභාවක් පත් කරන්න පුළුවන්. එහිදී සෑම පක්‍ෂයකම මන්ත්‍රීවරු නියෝජනය වනවා. අවශ්‍ය ඕනෑම කාරණයක් විමසීමට හැකියාව ලැබෙනවා. බියවීමට හෝ තොරතුරු සැඟවීමට අවශ්‍යතාවයක් නැහැ.

කිසිවෙකුත් ආරක්‍ෂා කිරීමට අවශ්‍යතාවයකුත් නැහැ. මේ සම්බන්ධව විවෘතව සොයාබැලීමට එහිදී හැකියාව තිබෙනවා. කිසිදු ගැටළුවකින් තොරව අවශ්‍ය සියලූ තොරතුරු එහිදී ලබාදිය හැකියි. කවුරුන් හෝ තම වගකීම් ඉටුකර නැත්නම් ඒවාත් හෙළි කළ හැකියි.

යෝජනාවට සෑම පක්‍ෂයකම මන්ත්‍රීවරු අත්සන් කර තිබෙනවා. මේ ගැටළුව විසදා ගැනීමට තිබෙන හොඳම මාර්ගයක් ලෙස මා මෙය දකිනවා. මේ සම්බන්ධව තේරීම් කාරක සභාවක් පත් කිරීම වැදගත් පියවරක් බව හිටපු ජනාධිපතිතුමාත් ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මේ සම්බන්ධයෙන් අපි පක්‍ෂ භේදයකින් තොරව කටයුතු කරන බව පැහැදිලියි”

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න