පොලිසියේ බලය පෙන්වන්න ඉඩ තියන්න එපා - වැඩ බලන පොලිස්පති

පොලිසියේ බලය පෙන්වන්න ඉඩ තියන්න එපා - වැඩ බලන පොලිස්පති

නිරායුද අහිංසක ජනතාවට බලය පෙන්වා රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩනොදෙන බවත් රට අරාජික කරමින් මේ ආකාරයේ සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නැවැත්විය යුතු බව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී වික‍්‍රමරත්න පැවසීය.

පොලිසිය ඉවසීමෙන් කටයුතු කිරීම පොලිසියේ දුර්වල කමක් සේ නොසිතන ලෙසත් එය එම අන්තවාදී කණ්ඩායම් වලට සිදුව ඇති විශාල වරදක් බවද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

බීමත්ව සිටි සුළු පිරිසක් කුලියාපිටිය හෙට්ටිපොළ ප‍්‍රදේශයේ වෙළෙඳ සැල් කිහිපයකට පහර දී තිබූ බවත් එය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවූ බව වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.

එවැනි කි‍්‍රයා නතර වේවි යැයි සිතා සිටියද කුලියාපිටිය ප‍්‍රදේශයේ එවැනි කි‍්‍රයා කිහිපයක් වාර්තා වූ බවත් මේ තත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක පියවරක් වශයෙන් මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදු වූ බවද සඳහන් කළේය.

මෙම සිදුවීම් වලදී පොලිසිය ඉතා ඉවසීමෙන් කටයුතු කළ බවත් ඉතා සුළු අන්තවාදීන් පිරිසක් මේ ආකාරයේ හැසිරෙන බවට තොරතුරු හෙළි වූ බවද වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.

වසර 30 පුරා පැවති ලෝකයේ දරුණුම ත‍්‍රස්වාදය විනාශ කිරීමට විශාල කාර්ය බාරයක් පොලිසිය සිදුකළ බවත් එවන් පොලිසියකට මේ සුළු අන්තවාදීන් පිරිස අංශූ මාත‍්‍රයක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

2019 අපේ‍්‍රල් 21 දින ප‍්‍රහාරයෙන් පසුව මේ දක්වා සිදුකරන විමර්ශන සඳහා සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බහුතරයක් ජනතාව සහය වුයේ ජාති ආගම් භේද වලින් තොරව බවත් ඒ සඳහා අංශූ මාත‍්‍රයකින් හෝ සහය නොදැක් වූ ඉතා සුළු අන්තවාදීන් පිරිසක් ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන බවත් හෙතෙම කියා සිටියේය.

මේ කී‍්‍රඩාව වහාම නතර කර යුතු බවද කීය.

මෙලෙස අන්තවාදී ලෙස කටයුතු කරන පුද්ගලයන්ගේ ඥාතීන්ට හා හිතවතුන්ට මේ අවස්ථාවේ කියා සිටින්නේ තමන්ගේ ඥාතියාට හෝ හිතවතාට මෙම තත්ත්වය පිළිබඳ දැනුම් දෙන ලෙසත් එසේ නොවුන හොත් නීතිමය බලය යනු කුමක් ද යන්න මේ සුළු පිරිසට පෙන්වීමට ශි‍්‍ර ලංකා පොලිසියට සිදුවන බවත් වැඩබලන පොලිස්පති වික‍්‍රමරත්න කියා සිටියේය.

මෙම සිද්ධී සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඇප හිමි නොවන බවත් වසර 10 ක කාලයක් සිරදඩුවම් විදීමට සිදු වන බවත් වැඩබලන පොලිසපතිවරය කියා සිටියේය.

එම නිසා මෙම සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නතර කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් තමා ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න