නීති කැඩුවොත් බලය උපරිම යොදවනවා - හමුදාපති

නීති කැඩුවොත් බලය උපරිම යොදවනවා - හමුදාපති

මේ වන විට වයඹ පළාත මූලික කරගෙන සිවිල් නීතිය කඩකිරීමේ සිදුවීම් වාර්තා වන බවත්  කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් මර්දනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් උපරිම බලය යොදවන බවත් හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.

 හමුදාපතිවරයා මේ බව සදහන් කර සිටියේ සන්ධ්‍යාවේ එම ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවූ නොසන්සුන් කාරී තත්ත්වය සැලකිල්ලට ගෙන ය.
 
මේ වන විට ආරක්ෂක අංශ විසින් ප්‍රදේශයේ සාමය බිදහෙලන කණ්ඩායම් හදුනාගෙන ඇති බවත් ඔවුන් ඉදිරියේ දී අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුනවන බවත් ඔහු පැවසීය.
 
 
එසේම මුස්ලීම් ජනතාව ඉලක්ක කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමේ  තත්ත්වය මැඩ පැවැත්වීමට යුද හමුදාව ජාති ආගම් පක්ෂ භේදයක් නොමැතිව කටයුතු කරන බවත් ඊට අවශ්‍ය බලය හදීසි නීතිය යටතේ යුද හමුදාවට ලැබී ඇති බවත් ඔහු පැවසීය.
 
එමෙන්ම  අවශ්‍ය වුවහොත් බලය උපරිම ලෙස යෙදවීමට පසුබට නොවන බවත් හමුදාපති අවධාරණය කර සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න