වැලිගම නගරාධිපති රෙහාන් : එජාපෙන් දොට්ට දමයි !

වැලිගම නගරාධිපති රෙහාන් : එජාපෙන් දොට්ට දමයි !

පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනාව මත වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රමගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

පක්‍ෂ නායකත්වය විවේචනය කරමින් මාධ්‍යට ලිපි නිකුත් කිරීමේ චෝදනාව මත රෙහාන් ජයවික්‍රමගේ පක්‍ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවිමට තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සදහන් කර සිටියි.

පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් රෙහාන් ජයවික්‍රම ව ඉකුත් සතියේ සිරිකොත පක්‍ෂ මුලස්ථානයට කැඳවා විනය පරීක්ෂණයක් සිදුකළ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමන් ලියා දැන්වූයේ ජනතා අදහස බවත් ඒ හේතුවෙන් පක්ෂයෙත් ඉවත් කලත් ගැටලුවක් නොමැති බවය .

මේ අනුව එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට වන ලිපිය වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම වෙත යවා තිබේ.

පක්ෂ ව්‍යවස්ථාවේ 3.4 (ඌ) වගන්තිය යටතේ පක්ෂ නායකත්වයට පැවරී ඇති බලතල අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මේ පිළිබඳ අවසන් තීරණයට එළැඹෙන තුරු ඔබේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇතැයි එජාප මහ ලේකම්වරයාගේ එම ලිපියෙහි දැක්වේ.

''ඔබ එජාප කෘත්‍යාධිකාරී කමිටුවේ තීරණයන්ට පටහැනිව ක්‍රියා කර ඇති බවත්, පක්ෂ ව්‍යාවස්ථාවේ 3.3 (අ), (ආ), (ඇ) සහ 3.4 (අ), (ආ), (ඉ) සහ (ඊ) වගන්ති උල්ලංඝනය කර ඇති බවත්, පක්ෂ සාමාජිකයෙකුගේ වගකීම් පැහැර හරිමින් පක්ෂයට, පක්ෂ නායකත්වයට සහ පක්ෂයේ තීරණයන්ට අගතියක් හා අනර්ථයක් කර ඇති බවත් සඳහන් කරනු කැමැත්තෙමි.

පක්ෂ ව්‍යාවස්ථාවට අනුව ඉදිරි පියවර ගැනීම සඳහා මේ පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත වාර්තා කරන්නෙමි.' යයි එජාප මහ ලේකම්වරයාගේ ලිපියෙහි වැඩිදුරටත් සඳහන්වේ.

එජාප මහ ලේකම්වරයා විසින් වැලිගම නගරාධිපතිවරයට යොමුකර ඇති ලිපියෙහි පිටපතක් පහත පළවේ.

IMG 20190522 110626

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න