ඥාණසාර හිමි ගැන ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් වාර්තාවක් කැදවයි !

ඥාණසාර හිමි ගැන ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් වාර්තාවක් කැදවයි !

වසර හයක සිරදඬුවම් විදින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඊයේ (21) වාර්තාවක් කැඳවා ඇතැයි වාර්තා වේ.

මෙම රහසිගත වාර්තාව එදින සවස් භාගය වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබාදී ඇති බවත් දැනගන්නට තිබේ.

එම වාර්තාවට අනුව ඥාණසාර හිමියන්ගේ සිරදඬුවම හා කාලය , දැනට ගෙවා ඇති කාලසීමාව සහ බන්ධනාගාරය තුළ හැසිරීම ඇතුළුව සමාලෝචන වාර්තාවක් මීට අයත් වී ඇතැයි ද සඳහන්වේ.

අධිකරණයට අපහස කිරීම ඇතුළුව චෝදනා 4 කට වරදකරුවීම හේතුවෙන් උන්වහන්සේ වසර 19 ක සිරඳඬුවමක් වසර 6 කින් ගෙවීයන පරිදී නියමව සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න