අනුරගේ මාරුව පිටුපස කෝටි 800ක ගනුදෙනුවක් : අසාද් සාලිට චෝදනාවක් !

අනුරගේ මාරුව පිටුපස කෝටි 800ක ගනුදෙනුවක් : අසාද් සාලිට චෝදනාවක් !

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි ගේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඔහුගේ බලපෑම් මත තමන්ට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර චෝදනා කරයි.

ඔහු බව සඳහන් කර සිටියේ අද (29) කොළඹ මහ නගර සභාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර ට ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට ස්ථාන මාරුවක් ලබාදී ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ය අතුරලියේ රතන හිමි ද අද රාජගිරිය සදහම් සෙවණේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර ද ඊට එක්ව සිටියේය.

අනුරගේ ස්ථාන මාරුව පිටුපස කෝටි 800ක ගනුදෙනුවක් - රතන හිමි

එහිදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සිය නිල බලයට මුවාවෙමින් ඉතා අසාධාරණ අයුරින් කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා ස්ථානමාරු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි චෝදනා කල අතර ඊට අදාල රාජ්‍ය නිලධාරීන්ට ඔහු මේ සඳහා උපදෙස් ලබාදී ඇතැයිද රතන හිමි පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පවසා සිටියේ බාන්ස් පෙදෙසි පිහිටි අක්කරයකින් යුත් රුපියල් කෝටි 800 ක් පමණ වටිනා නගර සභා දේපල පිටස්තරයින් පිරිසකට පවරාදීම සඳහා දිගින් දිගටම කොමසාරිස්වරයාට බලපෑම් කර ඇතැයිද මස්කඩ ටෙන්ඩර්කරුවන්ගෙන් අදාල ටෙන්ඩර් මුදල් අයකරගැනීම ප්‍රමාද කරන ලෙසට ද අසාද් සාලි ආණ්ඩුකාරවරයා කොමසාරිස්වරයාට දැනුම් දී ඇති බවය.

මෙම කරුණු සඳහා ‍ කොමසාරිස්වරයාගෙන් කිසිඳු අනු බලයක් ලැබී නැතැයිද ස්ථානමාරුව එහි ප්‍රතිඵලයක් යැයිද රතන හිමි පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න