සිරිසේනට එරෙහි අතුරු තහනම් නියෝගයක් ඉල්ලා : පූජිත ශ්‍රේෂ්ඨාධිකරණයට !

සිරිසේනට එරෙහි  අතුරු තහනම් නියෝගයක් ඉල්ලා : පූජිත ශ්‍රේෂ්ඨාධිකරණයට !

තමන්ව පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම වළකාලමින්  ජනාධිපතිවරයාට එරෙහිව අතුරු නියෝගයක්  නිකුත් කරන්නැයි ඉල්ලා  පොලිස්පති  පූජිත් ජයසුන්දර මහතා  අද ( 29)  ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

 නීතීඥ  දිනේෂ් විදානපතිරණ මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු  කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතීපති , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න,   ව්‍යවස්ථාදායක සභාවේ සභාපති සහ කතානායක වන කරූ ජයසූරිය ,එහි සාමාජිකයින් වන අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ආර්.සම්බන්ධන්, ජාවේඩ් යූසුෆ්, එන්.සෙල්වකුමරන්, බිමල් රත්නායක, සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.

තමා පොලිස්පති ධූරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා ඉකුත්දා කළ නියෝගයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී  ඇති බව ද පෙත්සම්කාර පොලිස්පතිවරයා සිය පෙත්සමේ සඳහන් කර ඇත.

 පෙත්සම්කරු සිය පෙත්සමින්  වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා තමන් ඉකුත්දා අනිවාර්ය නිවාඩු යවමින් කළ නියෝගය අත්හිටුවන ලෙසත් පෙත්සම් විභාගය අවසන් වන තුරු තමා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසය.

පොලිස්පති පූජිත ජයසුන්දර ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති සිරිසේන කටයුතු කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීම සම්බන්ධව හරිහැටි රාජකාරි කර නොමැති බව සදහන් කරමින්ය.  

ජනාධිපතිට  එහෙම බලයක් තියනවද ?

එහෙත් මේ සම්බන්ධව අදහස් දැක්වූ නීති ක්ශේත්‍රයේ සමහර ප්‍රවීණයන් පෙන්වා දුන්නේ අදාල ඉවත් කිරීමේ ස්වරූපයේ වරදක් තිබෙන බවය.

එය පැහැදිලි කරමින් ඔවුන් පෙන්වා දුන්නේ ව්‍යවස්ථා සභාව විසින් පත්කරනු ලබන තනතුරු වලට අදාලව ඔවුන් අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිට බලයක් නොමැති බවය.

එවැනි තත්ත්වයක් තිබේ නම් ජනාධිපති බලතල සීමා කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අර්ථයක් නොමැති බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න