දැනට රහස් පොලිසිය භාරයේ සිටින කුරුණෑගල දිස්ත‍්‍රික් රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් තමන්ද හොදින් දන්නා හදුනන පුද්ගලයෙක් බව ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසයි.
ඔහුට එල්ල වී ඇති වද සැත්කම් චෝදනා ඔප්පු වන තෙක් ඔහු වැරදිකරුවෙක් යයි තමන් නොසිතන බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින්ය.
වෛද්‍යරවාය විසින් වද සැත්කම් කලා කියා හෝ නොකලා කියා තමන් එතෙක් අර්ථ නිරූපන සපයන්නේ නැති බවත් එනිසා ඒ සම්බන්ධයෙන් අදාල අයට පරීක්‍ෂණ කටයුතු කරන්නට ඉඩ දී අනෙක් අය පැත්තකට වී සිටිනා ලෙසද දයාසිරි මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත.

