අප්‍රේල් 21 දින සිදුවූ ඛේදජනක සිද්ධියෙන් පසු පෞද්ගලික මගී ප්‍රවාහන සේවාවලට සහන ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
දැනට ධාවනයේ ඇති පෞද්ගලික බස්රථ 20,000 කින් 40% ක් පමණ බස්රථ කල්බදු ක්‍රමය යටතේ ධාවනය වන බැවින් කල්බදු ගෙවීම් සඳහා සහන කාල සීමාවක් ලබාදෙන මෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු එහි නියෝජිත පිරිසක් පසුගිය 27 වනදා මුදල් අමාත්‍යාංශයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.
මෙහිදී, පෞද්ගලික බස් ප්‍රවාහනය මුහුණ පා ඇති ප්‍රශ්න හා ගැටළු සාකච්ඡා කළ අතර ලීසිං වාරිකය හා ණය ගෙවා ගැනීම සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳවත් සාකච්ඡාකර තිබේ.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන් වන්නේ ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය විසින් විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංගඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගීව ඇත.

