මුස්ලීම් ප්‍රජාවේ තව්හිද් ජමාත් විරෝධය : තවත් පියවරක් ඉදිරියට !

මුස්ලීම් ප්‍රජාවේ තව්හිද් ජමාත් විරෝධය : තවත් පියවරක් ඉදිරියට !

මුස්ලීම් සමාජය තුළ මේ වන විට අන්තවාදී සංවිධානයක් වූ තව්හිද් ජමාත් ට එරෙහි විරෝධයක් මතුව තිබේ.

ඊට ආසන්න හේතුව වී ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සමස්ථ මුස්ලීම් ප්‍රජාවටද එල්ලවූ බලපෑමයි.

ඒ නිසාම පාස්කු ප්‍රහාරය එල්ල කළ තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් සහ ත්‍රස්ත කටයුතු වලට සම්බන්ධව සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ වෙත ඔත්තු සැපයීම මුළුමනින්ම පාහේ සිදුවුයේ මුස්ලීම් ප්‍රජාව වෙතින්ය.

දැන් එහි තවත් පියවරක් ඉදිරියට තබමින් කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තව්හිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයන් අද (29) ක්‍රියාකර තිබෙන බව වාර්තා වෙයි.

එහි ප්‍රධාන සභාපති එම්. එච්. එම්. අක්බර් ඛාන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ තම ගම්මානයේ පදිංචි අයකු විසින් ප්‍රදේශයේ දරුවන්ගේ පුස්තකාලයක් සඳහා ඉඩම් කැබැල්ලක් වෙන් කොට තිබියදී විදේශීය රටක සංවිධානයක මුදල්වලින් මෙම ස්ථානයේ පල්ලිය පසුගිය කාලයේ ඉදි කළ බව ය.

ඒ අනුව වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ තවත් පල්ලියක අවශ්‍යතාවයක් නොමැති බැවින් තම පල්ලියේ කාරක සභාව එක්ව මෙම පල්ලිය කඩා ඉවත් කිරීමට තීරණය කළ බවද ඔහු පවසා තිබේ.

මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් කුළු ගෙඩි උපයෝගී කරගෙන ඉදිකොට තිබූ පල්ලියේ කොටස් කඩා බිඳ දමන ආකාරය ද අරාබි අකුරු වලින් ලියවී තිබු පළකයද කඩා දමා ඇති බවත් වාර්තා වෙයි.

මෙම පල්ලිය ඉදිකිරීම සඳහා විදේශීය රටවලින් මුදල් ලැබී තිබෙන බවත් අරාබි අක්ෂර වලින් මුදල් වියදම් කළ අයගේ නාම ලේඛනය ඵලකය සටහන් කොට තිබෙන බවද ඔවුන් ඒ අක්ෂර නොදන්නා බවද ප්‍රදේශ වාසීන් මාධ්‍ය වෙත පවසා තිබේ.

එසේම මඩාටුගම ජුම්මා පල්ලියේ පිරිස මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම ප්‍රදේශයේ සිංහල ජනතාව සමඟ කාලයක් තිස්සේ ඉතාමත් සමීපව ඇසුරු කළ තමන්ට නව පල්ලිය සහ ඔවුන්ගේ කටයුතු නිසා සමාජයේ දැඩි අපහාසයකට සහ දුෂ්කරතාවකට පත්වීමට සිදුවූ බවය.

ඒ නිසා තම ගම්මානයේ සියලු දෙනාගේම කැමැත්ත සාකච්ඡා කොට නැවතත් මෙම ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව කටයුතු කිරීමට අවැසි නිසා මෙම විදේශ රටවලින් ඉදිකළ පල්ලිය කඩා දැමීමට තමන් හා ජනතාව තීරණය කළ බවද ඔවුන් පවසා ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න