වඳ තිසරපට කතා බොරු !

වඳ තිසරපට කතා බොරු !

බේරුවල, දර්ගා නගරයේ ව්‍යාපාරිකයකු අලෙවිය සඳහා ගෙනවිත් තිබියදී ඉකුත් බ්‍රහස්පතින්දා (23) පොලීසිය භාරයට ගත් තිසරපට තොගයේ ඇතුළත තිබූ ජෙල් වර්ගය මිනිසා වඳ භාවට පත්කරන හෝ මිනිස් සිරුරට හානි කර නොවන බව රස පරීක්ෂක විසින් තහවුරු කර ඇත.

සැක සහිත ද්‍රව්‍යයක් ආලේප කර තිබූ තිසරපට 243ක් එහි හිමිකරු සමග අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. පොලිසිය එම ජෙල් වර්ගය අඩංගු තිසරපට තොගය වැඩිදුර පරීක්ෂා කර වර්තාවක් ලබා ගැනීම සඳහා අධිකරණයේ උපදෙස් මත රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කළේ ය.

රස පරීක්ෂකවරයා අදාළ තිසරපට තොගය සම්බන්ධයෙන් ලබා දුන් වාර්තාවට අනුව එම තිසරපටවල අඩංගු ජෙල් වර්ගය මිනිස් සිරුරට අහිතකර නොවන සාමාන්‍ය ජෙල් වර්ගයක් යැයි තහවුරු කර ඇති බවත්, එය ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසිය.

තිසර පට ඇතුළත තිබූ එම ජෙල් වර්ගය මිනිස් සිරුරට අහිතකර බවටත් ඉන් කාන්තාවන් වඳභාවයට පත්කරන බවටත් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තුළත් ජනතාව අතරත් කටකතාද පැතිරයමින් තිබිණි.

එම ප්‍රචාරයන් සියල්ලම බොරු ප්‍රචාරයක් බව මේ අනුව තහවුරු වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න