අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිල නිවස වන අරලියගහ මන්දිරයේ අභ්‍යන්තර අර්බුද කිහිපයක් හේතුවෙන් දැඩි ව්‍යාකූලත්වයක් මතුව ඇති බව එහි ආරංචි මාර්ග සදහන් කරයි.
ඊට අදාල තවත් සිදුවීමක් අද (31) වාර්තා වන අතර ඒ අරලියගහ මන්දිරයේ ඩිජිටල් මාධ්‍ය අංශයේ සේවකයින් අද සේවයට වාර්තා කරන විට එම අංශයේ සියලුම කාර්යාල වසා යතුරු දමා තිබීමය.
වාර්තා වන ආකාරයට අග්‍රාමාත්‍යවරයාගේ නැගණිය වන ශනිකා වික්‍රමසිංහ මෙම කාර්‍යාල වසාදමා යතුරු තම භාරයට ගෙන ඇත.
එහෙත් මේ වන තුරු එහි සේවය කළ රජයේ ස්ථිර සේවකයින් කිසිවෙකුටත් ඔවුන් වාර්තා කල යුත්තේ කුමන අංශයට ද යන්න පිළිබඳ කිසිදු දැනුම්දීමක් සිදුකර නැති බවත් වාර්තා වෙයි .
පසුව ඔවුන් තමන් රාජකාරි සදහා වාර්තා කළ යුත්තේ කුමන ස්ථානයකටද යන්න සම්බන්ධව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් විමසා ඇතත් ඔහුද ඒ සදහා පැහැදිලි තීන්දුවක් දීමට අපෝසත් වී ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
මම ඒ පැත්ත පළාතේ ගියේ නෑ - අග්‍රාමාත්‍ය නැගණිය !
මේ සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නැගණිය වන ශනිකා වික්‍රමසිංහ වෙතින් අප කළ විමසීමේදී ඇය සදහන් කර සිටියේ තමන් ඔය කියන කිසිදු දෙයකට සම්බන්ධ නොමැති බවය.
එසේම තමන් යතුරු ගෙන ඇති බවට ලැබී ඇති තොරතුරත් ඇය ප්‍රතික්ෂේප කර සිටියාය.
වැඩේ ගැන මටත් ආරංචි වුනා - තුෂාර වන්නිආරච්චි
අප මේ සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගේ සහ අරලියගහ මන්දිරයේ ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ තුෂාර වන්නිආරච්චි වෙතින් විමසූ අතර එහිදී ඔහු පවසා සිටියේ තමන් අදාල සිදුවීම සම්බන්ධව දැනුවත් බවය.
කෙසේ වුවත් තමන් පසුගිය ඔක්තෝබර් 26 ආණ්ඩු කුමන්ත්‍රණය අවසන්වීමෙන් පසුව ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස නිල රාජකාරියක් ලබා නොමැති බවත් එබැවින් මේ වන විට එම කාර්‍යාල තමන් භාවිතා නොකරන බවත් ඔහු පැවසීය.
මලික් - සාගල ආරවුලක් !
පසුගිය දිනක කැබිනට් රැස්වීමේදී මලික් සමරවික්‍රම හා සාගල රත්නායක අතරද බරපතල ආරවුලක් ඇති වූ බව මාධ්‍ය වාර්තා කොට තිබිණි .
ඒ ත්‍රිකුණාමලයේ වරාය භූමියේ ඉඩමක් යකඩ කම්හලක් ඉදිකිරීම සදහා ඉල්ලමින් ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයක් පදනම් කරගෙනය.
එහිදී අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබුණේ මලික් සමරවික්‍රම ය.
මේ අතර ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග අතිශය සමීපව සිටි අමාත්‍යවරුන් මේ වන විට එළිපිට ගැටෙන්න ගෙන ඇති බැවින් අග්‍රාමාත්‍යවරයාගේ ඥාති පාර්ශව අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් කිසියම් ආරක්ෂණවාදී පියවර ගනිමින් සිටිනවා” විය හැකි බවය.

