ඥානසාර හිමි හෙට (03) මොන අඩව්වක් අල්ලයිද ? : මාධ්‍ය - සමාජ මාධ්‍ය පුවත් මැවෙයි !

ඥානසාර හිමි හෙට (03) මොන අඩව්වක් අල්ලයිද ? : මාධ්‍ය - සමාජ මාධ්‍ය පුවත් මැවෙයි !

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සහ රිෂාඩ් බදූර්දීන් තනතුරුවලින් ඉවත් කිරීම සඳහා තමන් ආණ්ඩුවට හෙට (03) දහවල් 12.00 වනතුරු කාලය ලබාදෙන බව පවසන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි, එය ඉටු නොවුණහොත් මුළු රටේම සැණකෙළි බලාගැනීමට හැකිවනු ඇති බවට අනතුරු හඟවා තිබේ.

ඥානසාර හිමි මේ බව පැවසුවේ උපවාසයේ නිරත වී සිටින අතුරලියේ රතන හිමිගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිටට අද (02) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

අතුරලියේ රතන හිමි යනු ජාතික ව්‍යාපාරයේදී තමන්ගේ ගුරුවරයා බව පැවසූ ඥානසාර හිමි තක්කඩි දේශපාලනඥයින් තිදෙනෙක් නිසා රතන හිමියන්ට දුර්වල වීමට තමන්ට ඉඩදිය නොහැකි බවත් ප්‍රකාශ කළේය.

සිරිසේන ඉල්ලන් කෑවාද ? - මාධ්‍ය වාර්තා ප්‍රශ්න කරයි !

එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද අනතුරු හැඟවීමක් කරමින් ඥානසාර හිමි ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පසුදා හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා නැගෙනහිර පළාතේ හෝටලයක සිටි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ තිදෙනෙක් එතැනින් පිටට රැගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝ සාක්ෂි තමන් සතුව ඇති බවත් ඒවා එළියට ඒමට ඉඩදී අනවශ්‍ය ප්‍රශ්න ඇති කර නොගන්නා ලෙසත්ය.

මේ අතර ඥානසාර හිමියන්ගේ මේ ප්‍රකාශය සහ රතන හිමිගේ මාරාන්තික උපවාස රංගනය පදනම් කරගෙන රට පුරා මුස්ලීම් විරෝධී ජාතිවාදී කෝලාහලයක් ඇතිවීමේ අවධානමක් සම්බන්ධව මාධ්‍ය වාර්තා පළවෙමින් තිබේ.

එසේම ඇතැම් මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ ඥානසාර හිමියන් නිදහස් කර ජනාධිපති සිරිසේන "ඉල්ලන් කන " තත්ත්වයක් ඇතිකර ගෙන තිබෙන බවය.

චෝදනා ප්‍රතික්ෂේප කරනවා - දිලන්ත විතානගේ !

මේ සම්බන්ධව බොදුබල සේනා සංවිධානයද අවධානය යොමුකර ඇති අතර ඒ පිළිබඳ අප කළ විමසීමකදී බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ දිලන්ත විතානගේ සදහන් කර සිටියේ අද (02) මහනුවරදී ඥානසාර හිමි කල ප්‍රකාශය ජාතිවාදී ගැටුමක් පිළිබඳ තර්ජනයක් ලෙස පලවන මාධ්‍ය වාර්තා බොදු බල සේනා තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

එසේම ඥානසාර හිමියන්ගේ විශේෂ ප්‍රකාශයක් අද (02) සවස 4.30 ට මහියංගනය දෙහිගොල්ල පංසලේදී සිදුකරන බවත් එහිදී සත්‍ය අනාවරණය කර වනු ඇති බවත් ඔහු පවසයි.

මේ සම්බන්ධව බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සිය ෆේස් බුක් ගිණුමේ ද සටහනක් තබා ඇති අතර එය පහත දැක්වෙයි.

IMG 20190602 160717

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න