ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා : පොහොට්ටු සමුළුවේදී ප්‍රකාශ කරනවා - මහින්ද

ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා : පොහොට්ටු සමුළුවේදී ප්‍රකාශ කරනවා - මහින්ද

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබන්නේ කවුද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශයට පත්කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පොරොන්දු වී ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග සදහන් කරයි.

මේ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ සිටින කුඩා පක්ෂ නායකයන් විමසීම් සිදුකරන බවත් විවිධ නම් හමුවේ පාක්ෂික විශ්වාසය අහිමිවීම වලක්වා ගැනීමට මේ කළ යුතුම බව සුළු පක්ෂ නායකයන් ගේ ස්ථාවරය වී ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර සතිඅන්ත පුවත්පත් කිහිපයක් ද මේ සම්බන්ධව පුවත් වාර්තා කර තිබිණ.

ඊට අදාල පුවත අනිද්දා පුවත්පත වාර්තා කර තිබුණේ මේ ආකාරයට ය.

අපේක්ෂකයකු නම් කරන්නැයි ඒකාබද්ධයේ ඉල්ලීම් !

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු නම් කරන ලෙසත් අපේක්ෂකයකු නොමැතිව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් කළ නොහැකි බවත් එහි සාමාජික පක්ෂ නායකයන් කිහිපදෙනකු දැඩිව ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

මැයි 28 වැනි අගහරුවාදා පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙසේ ඉල්ලා ඇති අතර වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් දැඩිව ඒ බව ප්‍රකාශ කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ විය යුතු බවට එහි සාමාජිකයන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා ඇත. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර පැවති සාකච්ඡාවකදීද එම පවුලේ සාමාජිකයන් ගෝඨාභය රාජපක්ෂ මහතා ට සහය දැක්වීමට එකගවී ඇතැයි මීට පෙර වාර්තා විය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීමට තවමත් නොහැකි වී තිබෙන නිසා ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වී තිබේ. කෙසේ වෙතත් ඉහත කී පක්ෂ නායකයන් ප්‍රකාශ කර ඇත්තේ කිසිම හේතුවක් නිසා අපේක්ෂකයා යෝජනා කිරීම ප්‍රමාද නොකළ යුතු බවත් ප්‍රමාද වුවහොත් ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අසාර්ථක වනු ඇති බවත් ය.
.ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් කොළඹ නගරයේ දී සමුළුවක් පැවැත්වීමටද ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සැලසුම් කර තිබේ. මැයි 30 වැනිදා වාසුදේව නානායක්කාර හා ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් , ඒකාබද්ධ විපක්ෂයේ වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසක් විපක්ෂ නායක කාර්‍යාලයේදී හමුවී එම සමුළුව සැලසුම් කර තිබේ.

එම සාකච්ඡාවට සහභාගී වූ අයෙකු ප්‍රකාශ කළේ ඉක්මනින් ම ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරව්ස්ස් ගැනීමද එම සමුළුවෙහි අරමුණ බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න