අතුරලියේ රතන හිමියන්ගේ මාරාන්තික උපවාස රංගනයේ තවත් අදියරක තොරතුරු වාර්තා වන අතර ඊට අනුව මේ මාරාන්තික රංගනය හමුවේ "අපවත්වීමේ" අවධානමක් පෙන්වා අමාත්‍ය රිෂාඩ් බද්දුර්දින් ගේ අමාත්‍යංශයට අදාල විෂයන් හා ආයතන ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමේ කූඨ සැළැස්මක් දියත්ව ඇත.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එකී සැළැස්ම ක්‍රියාවට නංවන්න සූදානම් වන්නේ "උපවාසයේ නිරත මන්ත්‍රී හිමියන්ට යම් අනතුරක් සිදුවුවහොත් එය රට පුරා මුස්ලිම් විරෝධී කෝලාහලයක් බවට පත්වීමේ අවධානමක් ගැන ජනාධිපතිවරයා දැනුවත් කර ඇති ඔහුගේ උපදේශයකින්, උන්වහන්සේගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති බව පවසමින් රිෂාඩ් අමාත්‍යවරයාගේ අමාත්‍යංශය ජනාධිපති සිරිසේන යටතට පවරා ගැනීමය.
මේ සම්බන්ධව වාර්තා කරන දේශපාලන ආරංචිමාර්ග අවධාරණය කරන්නේ මෙය "තාවකාලික පියවරක්" ලෙස දක්වා ජනාධිපතිගේ උපදේශකයන් ගේ උපදෙස් ලෙස ගෙන හැර දක්වමින් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට අයත් අමාත්‍යංශ විෂය පථ පවා අමුඅමුවේ කොල්ලකෑමක් සහ මුස්ලීම් ප්‍රජාව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ධාරාවෙන් ඈත්කර සිංහල ජනතාව අන්දා දේශපාලන වාසි ගැනීමේ නින්දිත උත්සාහයක් බවය.
මේ තොරතුර නිවැරදි බව තහවුරු කරමින් "ද ලීඩර්" වෙබ් අඩවියද ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් මේ පුවතට සමාන පුවතක් වාර්තා කර තිබේ.
"උපවාසයේ නිරත මන්ත්‍රී හිමියන්ට යම් අනතුරක් සිදුවීමේ අවධානම, එය රට පුරා මුස්ලිම් විරෝධී කෝලාහලයක් බවට පත්වීමේ අවධානමක් ගැන ජනාධිපතිවරයා දැනුවත් කර ඇති ඔහුගේ උපදේශයකින්, උන්වහන්සේගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇතැයි යන්න එම ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා ඇති බව" එහිද දැක්වේ.
ඒ අනුව අතුරලියේ රතන හිමිගේ මාරාන්තික උපවාස රංගනය සම්බන්ධව newstube.lk අඛණ්ඩව සිදුකළ අනාවරණ නිවැරදි බව මේ හරහාද තහවුරු වෙයි.
පහත දැක්වෙන්නේ අතුරලියේ රතන හිමිගේ මාරාන්තික උපවාස රංගනය සම්බන්ධව පලකළ අනාවරණ කිහිපයකි.
රතන හිමි තැඹිලි බොන්න සූදානම් : සිරිසේන තැඹිලි පොවන්න සූදානම් !
රතනගේ උපවාසය නාටකයක් : රාත්‍රියේ එස්.බී. සමග රහස් කතාවක් !
රතනට කොහෙන්ද අපමණ හයියක් : වික්‍රමබාහු පෙන්වා දෙයි !

