අමාත්‍ය රිෂාඩ් බදියුදීන් , නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වන එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා , බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වන අසාද් සාලි යන අය වහාම ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපති සිරිසේන වෙත බලකරමින් අතුරලියේ රතන හිමි මාරාන්තික උපවාසයක් ආරම්භ කළ ස්ථානය ට ඊයේ (31) රාත්‍රියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පැමිණ ඇති බව වාර්තා වෙයි.
එහිදී රතන හිමි සහ මන්ත්‍රීවරයා අතර සාකච්ඡාවක් පැවති බවත් වාර්තා වෙයි.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ රතන හිමියන්ගේ ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති සිරිසේන සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවය.
දේශපාලන නාට්‍යයක් !
මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ රතන හිමිගේ උපවාසය මාරන්තික ලේබලය යටතේ නිකුත්කල දේශපාලන නාට්‍යයක් පමණක් බවය.
එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පැමිණ අලුතෙන් ජනාධිපති සිරිසේන සමග සාකච්ඡා කිරීමට දෙයක් එහි නොමැති බවත් එජාපෙ ජාතික ලයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රතන හිමියන් පසුගිය කාලය පුරාවට සහය ලබාදුන්නේ ජනාධිපති සිරිසේනගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් බවත් ඔවුන් පෙන්වා දෙයි.
තවද අතුරලියේ රතන හිමි මේ වන විටත් සිය උපවාසයේ අපේක්ෂාව ජනාධිපති සිරිසේන වෙත ලිඛිතව යොමුකර ඇති බවත් ඔවුන් සදහන් කරයි.

මාධ්‍ය සංදර්ශනය !
එසේම රතන හිමියන්ගේ මාරාන්තික උපවාසය සම්බන්ධව මාධ්‍ය සංදර්ශනයක් ඊයේ (31) දිනම ඉදිරිපත් වූ බවත් ඔවුන් නිරීක්ෂණය කර ඇත.
එහිදී මහනුවර රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් පැමිණ අවස්ථා කිහිපයකමදී රතන හිමිගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බැලූ බවත් එහෙත් රතන හිමි උපවාසය දියත් කර සිටියේ එදිනම බැවින් මේ රංගනට ඒ කොටස එක්කිරීමෙන් ඊට හානි සිදුව ඇති බවය.
එසේම මනුෂ්‍යයෙක් වරුවක් දෙකක් ආහාර නොගෙන සිටීම මාරාන්තික වීමට තරම් කරුණක් නොවන
බවත් ඔවුන් පෙන්වා දෙයි.
තණ බිස්සෙන් අට්ටාලයට !

පළමු අවස්ථාවේ තණ බිස්සේ ආරම්භ කළ මාරාන්තික උපවාසය මේ වන විට සුවපහසු වේදිකාවක් බවට පත්කර තිබෙන බවත් මේ දේශපාලන නාඩගම් මිස අන් කිසිවක් නොවන බවත් විචාරක මතය වී තිබේ.
මේ නාඩගම් අවසානයේදී ISIS පන්නයේ සිංහල බෞද්ධ ත්‍රස්තවාදයක් බිහිකිරීමක් දක්වා යොමුවීමේ අවධානමක් ඇති බවත් ඔවුන් අනතුරු හගවයි.

