රතනට කොහෙන්ද අපමණ හයියක් : වික්‍රමබාහු පෙන්වා දෙයි !

රතනට කොහෙන්ද අපමණ හයියක් : වික්‍රමබාහු පෙන්වා දෙයි !

අතුරලියේ රතන හිමියන් ශක්තිමත්ව නැගී සිටින්නේ ජනාධිපතිවරයාගේ පිටුබලයත් ඔහුට ලැබෙන නිසා යයි නසසප ප්‍රධාන ලේකම් වික්‍රමබාහු කරුණාරත්න චෝදනා කරයි.

මුස්ලිම් නායකයන්ට විරුද්ධව උද්ඝෝෂණයේ යෙදෙමින් අතුරලියේ රතන හිමියන් ISIS සංවිධානය හා සමානම විනාශකාරී මාර්ගයකට බෞද්ධ ජනතාව ඇද දමන්නට හදන බවට බුදුදහම සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකොට ඇති විද්වතකු වශයෙන් වික්‍රමබාහු කරුණාරත්න පෙන්වා දෙයි.

“බුදුන්ගේ සිවුර දාගෙන අබෞද්ධ දර්ශනයක්” දේශනා කරන බවට රතන පාර්ලිමේන්තු මන්ත්‍රී හිමියන්ට දොස් පවරන නව සමසමාජ නායකයා, එම අදහස් විසි වරකට පමණ ඉහතදී විශ්ව විද්‍යාල කතිකාවතකදී පරාජය කරන ලද්දක් බවත් ඔහු සදහන් කර සිටියි.

“බුදු දහම පාතාල ලෝකෙකට ඇදලා දාලා සම්පුර්ණයෙන්ම නිඝන්ඨ දර්ශනයක්,” යයි මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඊට විරුද්ධව නැගී සිටින ලෙස බෞද්ධ ජනතාවට ආයාචනයක්ද සිදුකළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න