රතන හිමි උපවාසයක !

රතන හිමි උපවාසයක !

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් එම ධුරවලින් ඉවත්කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමි උපවාසයක් ආරම්භ කර ඇත .

අද (31) මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට මේ උපවාසය දියත් කර තිබේ.

මේ සම්බන්ධව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ආණ්ඩුවෙන් ඉවත් කිරීමේ දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් ලෙස රතන හිමිගේ මේ උපවාසය හැදින්විය හැකි බවය.

එසේම හිස්බුල්ලා සහ අසාද් සාලි යන ආණ්ඩුකාරවරයන් පත්කර ඇත්තේ ජනාධිපති සිරිසේන බවත් එබැවින් වඩාත් යෝග්‍ය වන්නේ දළදා මාලිගාව අසල වෙනුවට ජනාධිපති කාර්‍යාලය අසල මේ උපවාසය දියත් කළා නම් වැදගත් බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න