බන්ධනාගාර බුද්ධි අංශ යළිත් සක්‍රිය කරයි !

බන්ධනාගාර බුද්ධි අංශ යළිත් සක්‍රිය කරයි !

බන්ධනාගාර බුද්ධි අංශය අද (31) සිට යළි බලාත්මක බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය දින කිහිපයක් බන්ධනාගාර බුද්ධි අංශ අඩපණව තිබුණේ ඊට අනියුක්ති නිලධාරීන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව සේවා අවශ්‍යතා මත සාමාන්‍ය රාජකාරිවලට අනියුක්ත කර තිබීම හේතුවෙන් බවත් එම ආරංචි මාර්ග පවසයි.

මෙම නිලධාරීන් අද සිට ඔවුන්ගේ නියමිත රාජකාරිය සඳහා අනියුක්ත කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ඊයේ (30) පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇත.

ඒ අනුව බන්ධනාගාර බුද්ධි නිලධාරීන් අද සිට ඔවුන්ගේ වැටලීම්ද ආරම්භ කරනු ඇත. බන්ධනාගාර බුද්ධි නිලධාරීන් කණ්ඩායම් 04 කට වෙන් කර ඔවුන් ජේලර්වරුන් 04 දෙනෙකු යටතේ වැටලීම් සඳහා යෙදවීමටද එහිදී තීරණය වී තිබෙන බවත් දැනගන්නට තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න