ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා නීති පද්ධතියක් හදිසි නීතිය ඉවත් කිරීමට පෙර සම්මත කරගත යුතුයැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
අම්පාර එච්.එම් වීරසිංහ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූ අතර එවැනි නීති පද්ධතියක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇතැයි නීතිපතිවරයා ද දැනුම් දුන් බවත් ඒ සඳහා යුරෝපා රටවල පවතින නීති ගැනද අධ්‍යයනය කළයුතු බව පැවැසීය.
නීතියක් පැවතීම පමණක් ප්‍රමාණවත් නොවන අතර එය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට මුහුණ දීමට ඇති ව්‍යුහය අද අයි.එස් ත්‍රස්තවාදය නතර කිරීමට සහ ප්‍රතිත්‍රස්තවාදය සඳහා අලුත් ව්‍යුහයක් සකස් කළයුතු බවද සඳහන් කළේය.
අයි.එස් ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානය සමයේ තිබූ තොරතුරු ජාලය ප්‍රමාණවත් වන්නේ නැතැයිද සෑම දෙනාගේම තොරතුරු ලබාගෙන දත්ත පද්ධතියක් සකස් කළ යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීය.

