ශ්‍රී ලංකා ටෙලිකොම් : ලංකාවේ පාර්ලිමේන්තුවටත් උඩින් ගිහින් !

ශ්‍රී ලංකා ටෙලිකොම් : ලංකාවේ පාර්ලිමේන්තුවටත් උඩින් ගිහින් !

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට දැන්වීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු සජීවී විකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් පාර්ලිමේන්තුව නොතකා හැර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගියදා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසන අවස්ථාව සජීවී ලෙස විකාශය කිරීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පියෝ ටීවී හරහා සිදුකර ඇත.

එම සජීවී විකාශය අතර තුරදී විකාශන කටයුතු නවතාලන ලෙස ජනාධිපති සිරිසේන විසින් කතානායක කරූ ජයසූරිය අමතා දැනුම්දී ඇත. එහෙත් කතානායක කරූ ජයසූරිය ජනාධිපතිවරයාගේ දැනුම්දීමට අවනතවී නැති අතර ඒ වෙනුවට කතානායක විසින් සිරිසේන ජනාධිපතිට දන්වා ඇත්තේ තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසීම සජීවී ලෙස විකාශය කිරීම පාර්ලිමේන්තුව විසින් ගනුලැබූ තීරණයක් බවය. එසේම විකාශය නතර කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල උල්ලංඝනය කිරීමක් බවත් කතානායකවරයා ජනාධිපතිට දන්වා තිබේ.

එහෙත් ස්වල්ප වේලාවකින් පියෝ ටීවී සජීවී විකාශය අත්හිටුවා ඇත. එහිදී නැවත සජීවී විකාශය ආරම්භ කරන ලෙස පාර්ලිමේන්තුව විසින් ටෙලිකොම් ආයතනයට දන්වා ඇතත් එම ආයතනය එකී ඉල්ලීම ඉටුකර නැත.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බරපතල නොතකා හැරීමකට ලක්කර ඇති බව ආණ්ඩු පක්ෂයේ අදහස වී ඇති අතර මේ සම්බන්ධව අදහස් දැක්වූ ජේෂ්ඨ අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව නොතකා හැර කටයුතු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා නිදහසට කරුණු විමසිය යුතු බවය.

ශ්‍රී ලංකා ටෙලිකොම් හී සභාපති ලෙස කටයුතු කරන්නේ ජනාධිපති සිරිසේනගේ සහෝදරයකු වන කුමාරසිංහ සිරිසේන ය.

එසේම එළඹෙන අඟහරුවාදා (04) වනදා නැවත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීමට නියමිත අතර එය සජීවී ලෙස විකාශය කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න