සිරිසේන ලකුණු රැස්කරයි : හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි : ඊළඟට සාලි - රිෂාඩ් !

සිරිසේන ලකුණු රැස්කරයි : හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි : ඊළඟට සාලි - රිෂාඩ් !

ජනාධිපති සිරිසේන  විසින් සිදු කරනු ලැබූ ඉල්ලීමකට අනූව නැගෙනහිර ආණ්ඩුකාර  එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා ඊයේ (02) රාත්‍රියේ ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව  ජනාධිපති සිරිසේන වෙත ආණ්ඩුකාරවරයා සිය ඉල්ලා අස් වීමේ ලිපිය යොමු කර ඇති බවත් ජනාධිපති එය පිළිගෙන ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

එහෙත් මේ සම්බන්ධව නිල නිවේදනයක් තවමත් නිකුත්ව නොමැති බවද සඳහන් කල යුතුව තිබේ.

මේ අතර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ටද ඔහුගේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දෙන්නැයි ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ ට දන්වා ඇති බවත් වාර්තා වේ. විශේෂයෙන් ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය ඒකකය යටතේ නඩත්තු වන වෙබ් අඩවි කිහිපයක් විසින් මේ පුවත පළමුව ප්‍රසිද්ධ කර තිබිණ.

එහෙත් ඒ සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිචාරය තවම වාර්තා වී නොමැත. 

එසේම අද (03) දිනයේ දී බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි ටද ඉල්ලා අස්වන ලෙස ජනාධිපති සිරිසේන දැන්වීමට නියමිත බවත් වාර්තා වෙයි. 

ඒ අනුව මේ සිදුවන්නේ අතුරලියේ රතන හිමිගේ මූලිකත්වයෙන් දියත්වූ මාරාන්තික උපවාස රංගනයේ ප්‍රතිඵලය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න