කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුරවලින් ඉවත් වූ පාර්ලිමේන්තුව නියෝජනය කළ මුස්ලිම් මන්ත්‍රීවරුන් නවදෙනෙකුගෙන් අටදෙනෙකු සිය ඉල්ලා අස්වීමේ ලිපි අද(06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දී ඇතැයි වාර්තා වෙයි.
නමුත් විදේශගතවී සිටීම හේතුවෙන් මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නොමැති බවත් වාර්තා වෙයි.
ඒ අනුව රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, අබ්දුල් හලීම්, අබීර් අලි සියාබ්දින්, ෆයිසාල් කාසිම් මොහොමඩ් හාරිස්, සියාම් අලිසාබීර් සහ අබ්දුල්ලා මහරුෆ් යන මන්ත්‍රීවරුන් අටදෙනා ඔවුන් දැරූ ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇත.
කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිධූර දැරූ මුස්ලිම් මන්ත්‍රීවරු නවදෙනෙකු ඉකුත් දෙවැනිදා සිය ධූරවලින් ඉවත්වන බව ප්‍රකාශ කළ ඒ අනුව මේ ඉල්ලා අස්වීම සිදුකර ඇත.

