කුරුණෑගල DIG සම්බන්ධව : CID විමර්ශනයක් !

කුරුණෑගල DIG සම්බන්ධව : CID විමර්ශනයක් !

සිංහල බෞද්ධ කාන්තාවන් 4000ක් වඳභාවයට පත්කර ඇතැයි මුස්ලිම් ජාතික වෛද්‍යවරයකුට චෝදනා කරමින් පුවතක් නිර්මාණය කර රට ගිනි තැබීමට කටයුතු කළ කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්ට එරෙහිව මේවනවිට බරපතල චෝදනා තුනක් එල්ලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

 1- ජාතිවාදී කලබලයක් ඇතිවිය හැකි තොරතුරක් වැඩබලන පොලිපතිවරයා දැනුවත් නොකොට මාධ්‍යයට ලබාදීම ඔහුට ඇති එක් චෝදනාවකි. එය ආයතන සංග්‍රහය යටතේ ඔහු විසින් කර ඇති බරපතල වරදක් ලෙස සැලකේ.

2- එසේම, හිතාමතාම ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමට ආධාර අනුබලදීම ඔහුට එල්ලවී ඇති තවත් චෝදනාවකි. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ගොනු කිරීමට යයි.

3- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් සොයා යාමේ ප්‍රමුඛ කාර්යය පසෙකලා, නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් විසින් නිර්මාණය කරන ලද බරපතල පුවතට අදාළ මුස්ලිම් ජාතික වෛද්‍ය සාෆි සියාබ්දින් විසින් කර ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට විශාල පොලිස් බළඇණියක් යෙදවීමට සිදුවී ඇති අතර හා ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවී ඇත. මෙය පැහැදිලිව පොලිසිය නොමග යැවීමක් ලෙස සැලකිල්ලට ගෙන තිබේ.

කෙසේවුවද මෙම පුවත් වාර්තාව පළවීමෙන් පසු ඇතිවූ අන්දෝලනය මත සැකකටයුතු බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් සිදු කරමින් පවතින අතර එහිදී වෛද්‍යවරයා සමග කටයුතු කල කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයේ 26 දෙනෙකු ගෙන් මේවනවිට වෙන වෙනම කට උත්තර ලබාගෙන ඇත. එහිදී ඔවුන් සියලු දෙනාම පවසා ඇත්තේ, සැකයට භාජනය කර ඇති වෛද්‍යවරයා සමග කල සැත්කම් වලදී කිසිඳු ආකාරයේ සැකකටයුතු දෙයක් සිදු නොවු බවයි.

එසේ වුවද එම වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කල සියලුම මව්වරුන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට කටයුතු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න