සජිත් ගෙනෙන්න මෛත්‍රී මෙහෙයුමක !

සජිත් ගෙනෙන්න මෛත්‍රී මෙහෙයුමක !

එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් පෙරමුණ පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පත්කර ගැනීම සඳහා එජාපයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු එකතුකර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තා වේ.

ජූනි 04 වැනිදා පැවති කැබිනට් සාකච්ඡාවෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස හිතවාදී අමාත්‍යවරුන් කණ්ඩායමක් සමග ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුන්ට කිසිදු ආකාරයක සහයක් නොදෙන බවය.

එජාපයේ නායකත්වය වෙනස් වී තරුණ නායකයෙක් මීලඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් තමන් එහිදී එජාපයට සහාය දෙන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

මේ අනුව ජනාධිපතිවරයා නොකියා කියා ඇත්තේ තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව සහ සජිත් ප්‍රේමදාස එජාපය පර්ශ්වයෙන් ඉදිරිපත් වන්නේ නම් ඔහුට තම කණ්ඩායමේ සහාය දෙන බවය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට හේතුව කාලයක් තිස්සේ සජිත් ප්‍රේමදාස සමග පවත්වාගෙන යන සම්බන්ධතාව සහ ඔහු එජාපයෙන් ඒකාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ගැනීමේ සැලසුම බව දක්නට ලැබේ.

මෙම සැලසුම් එජාප පාර්ශ්වයෙන් ක්‍රියාත්මක කිරීමට ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිපදෙනෙකු මේ අවස්ථාවේ කටයුතු කරමින් ඇතැයි ද ඒ අනුව මේ කණ්ඩායම අතර නිරන්තර සාකච්ඡා සිදුවෙමින් ඇතැයිද දක්නට ලැබේ.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කර මීලඟ අගමැති වීමට වර්තමාන ජනාධිපතිවරයා අදහස් කරන බවක් පෙනෙන්නේ යැයිද එසේ නැතිනම් එජාපය දෙකඩ කර මීලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට වර්තමාන ජනාධිපතිවරයා අදහස් කරන බවක් පෙනෙන්නේ යැයි ද එජාප ප්‍රබලයෙක් ප්‍රකාශ කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ව්‍යාපෘතියක් වන සසුනට අරුණ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුරයේ ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරයේ ඉදිවූ චෛත්‍ය විවෘත කිරීමේ උත්සවයක් ජූනි 08 වැනි සෙනසුරාදා අස්ගිරි මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා විශාල භික්ෂු සහභාගීත්වයකින් පවත්වන්නට කටයුතු යොදා ඇති අතර එහිදී සජිත් ප්‍රේමදාස තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරනවාද නැද්ද යන්න බොහෝ දුරට ප්‍රකාශ කරනු ඇතැයි දැනගන්නට ලැබේ.

අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න