පොහොට්ටු අපේක්ෂකත්වය බැසිල්ට !

පොහොට්ටු අපේක්ෂකත්වය බැසිල්ට !

ඉදිරි ජනාධිපතිවරණදී අපේක්ෂකයා ලෙස පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත කටයෑතු ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට රාජපක්ෂ පවුලේ ඥාතීන් මේ සම්බන්ධව එකඟත්වයකට පැමිණ ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව පවතින නඩුව ඔහුට අවාසිදායක බව රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකුගේ ස්ථාවරය වී ඇති අතර ඒ අනුව රාජපක්ෂ පවුලෙන් ඉදිරිපත් කළ හැකි වඩාත් සුදුස්සා බැසිල් ර බව ඔවුන්ගේ ස්ථාවරය වී ඇත.

මහින්ද රාජපක්ෂ එකඟත්වය පළකරන්නේ නම් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදානම් බව බැසිල් රාජපක්ෂ ද පවුලේ ඥාතීන් හා හිතවතුන් වෙත දැනටමත් දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

බැසිල් සිග්නල් දමයි !

මේ අතර පසුගිය දින කිහිපයක සිට බැසිල් රාජපක්ෂ සිය ෆේස් බුක් ගිනුම හරහා පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා සහ අගමැති සූදානම් බවට ප්‍රකාශ නිකුත්කරමින් සිටින්නේ ද ඒ අනුව බවත් වාර්තා වෙයි.

එසේම මේ වන විට දිවයිනම ආවරණය වන ආකාරයට බැසිල් රාජපක්ෂ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාන්විතයක් ඇතිකර තිබෙන අතර ඒ සදහා ඉන්දීය සමාගමක සහය ගෙන ඇති බවත් වාර්තා වෙයි.

විලී, සිරිපාල , චරිත මෙහෙයුම සදහා කැදවයි !

තවද මේ මේවනවිටත් බැසිල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ සටන මෙහෙයවීම විලි ගමගේට පවරා ඇති අතර එහි දෙවනියා ලෙස පත්කර ඇත්තේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සිරිපාල අමරසිංහ ය.

එසේම එම මැතිවණය ව්‍යාපාරයේ මතවාදීමය ප්‍රචාරක මෙහෙයුම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු වන ආචාර්ය චරිත හේරත් මහතා වෙත පවරා ඇති බවත් වාර්තා වෙයි.

කෙසේවුවද ශ්‍රී ලංකාවේ මෙන්ම ඇමරිකාවේ ද පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ ට ජනාධිපතිවරණය ට ඉදිරිපත්වීම සඳහා ඔහුගේ ද්විත්ව පුරවැසි භාවය බාධාවක් වී ඇති අතර ඒ අනුව ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා ඔහු මෙවනවිටත් කටයුතු කරමින් සිටින බවත් දැනගන්නට ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න