මෛත්‍රී වර්ජනය නිසා : රට අරාජික වෙන ලකුණු !

මෛත්‍රී වර්ජනය නිසා : රට අරාජික වෙන ලකුණු !

කැබිනට් මණ්ඩලය වර්ජනය කිරීමට ජනාධිපති සිරිසේන ගෙන ඇති තීරණය සමග රට යළිත් අකර්මණ්‍ය වීමේ අවධානමක් මතුව තිබේ.

මීට හේතුව වී ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු නතර කරන තුරු කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුව වර්ජනය කිරීමට ජනාධිපති සිරිසේන තීරණය කර තිබීමය.

මේ බව ඊයේ (07) රාත්‍රියේ කැඳවූ හදිසි කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපති සිරිසේන දන්වා ඇත.

අධිකරණය හමුවේ පාස්කු ප්‍රහාරයට අදාල නඩු 5 ක් තිබීම, විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කතානායක වෙත යොමුකළ ලිපිය සහ බුද්ධි නිලධාරීන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට කැදවීම හරහා ජාතික ආරක්ෂාව අවධානමේ බවත් එබැවින් තේරීම් කාරක සභාවේ කටයුතු නැවැත්විය යුතු බව ජනාධිපති සිරිසේනගේ ස්ථාවරය වී තිබේ.

අගමැති සහ කතානායකට බැණුම් !

මෙහිදී ජනාධිපති සිරිසේන වඩාත් ආවේගයෙන් අදහස් දක්වා ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සහ කතානායක වෙත දැඩි විවේචනයක් එල්ල කර ඇති බවත් වාර්තා වෙයි. මේ කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුව සදහා කතානායක කරූ ජයසූරිය ද කැදවා තිබූ බවත් වාර්තා වෙයි.

එසේම මේ වන විට ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා එකිනෙකා සමග වචනයක් හෝ කතා නොකරන තත්ත්වයක් මතුව ඇති බවත් දැනගන්නට ඇත.

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න