කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය මුස්ලිම් අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ජනාධිපතිතුමාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා විසින් ඊයේ (07) දිනයේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
අමාත්‍ය රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම්, අබ්දුල් හලීම්, මෙහොමඩ් කාසිම්, මොහොමඩ් හාරිස්, අමීර් අලි ෂියාබ්දීන්, අලි සහීර් මවුලානා, අබ්දුල්ලා මහරුෆ් යන මහත්වරුන් සිය අමාත්‍යධුරවලින් මෙලෙස ඉවත් වූ බව ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

