ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළේදී මහත් හරසරින් පිළිගනු ලැබීය.
නරේන්ද්‍ර මෝදී මහතා ඉන්දියානු විශේෂ ගුවන් යානයකින් අද ( පෙරවරු 11.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.
හමුදා ගෞරවාචාර මධ්‍යයයේ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උණුසුම් අන්දමින් පිළිගෙන විශේෂ අමුත්තන්ගේ පර්යන්තය කරා කැඳවාගෙන එනු ලැබීය.
එහිදී විශේෂ අමුත්තන්ගේ සටහන් පොතෙහි සිය සටහන තැබූ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ සමග එකම රථයකට ගොඩවී කොළඹ බලා විශේෂ රිය පෙරහරකින් පිටත් වූයේ සුහඳ සාකච්ඡාවක නියැළෙමින්ය.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (H.E. Taranjit Singh Sandhu), ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.


