පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට නියමිත අතර අද (11) පස්වරු 2.00ට පාර්ලිමේන්තු ශාලා 04දී රැස්වීමට නියමිතය.
වාර්තා වන ආකාරයට මෙම කමිටුව හමූයේ අද දිනයේ පෙනී සිටීමට නියමිතව ඇත්තේ බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය සභාපති, කාත්තන්කුඩි මුස්ලිම් පාලන ආයතන සංවිධානයේ මහ ලේකම් යන තිදෙනාය.
මේ වන විට මෙම විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු නවත්වන ලෙස බලකරමින් ජනාධිපති සිරිසේන කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීම් වර්ජනය කර සිටියි.
ඒ හේතුවෙන් මේ වන විට කිසිදු අමාත්‍ය මණ්ඩල තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක පසුවෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
