Language Switcher

V2025

පාස්කු ප්‍රහාරයේ වගකීම ජනාධිපති ගන්න ඕන - ඇමති අජිත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධව වගකීම මුළුමනින්ම ජනාධිපති සිරිසේන වගකිවයුතු බව අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

පොලිස්පතිවරයා ආරක්ෂක මණ්ඩලයට නොකැඳවීම, අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක මණ්ඩලයට නොකැඳවීම ඇතුළුව නිසිලෙස ආරක්ෂක මණ්ඩලය නිසි ලෙස නොකැඳවීම සම්බන්ධව ජනාධිපති වගකිවයුතු බවද ඔහු පවසයි.

එසේම මේ වන විට ව්‍යවස්ථාව තුළ නොමැති ප්‍රතිපාදන ලබා ගනිමින් , ව්‍යවස්ථාව උල්ලංඝනය වන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපති සිරිසේන පවරාගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

රූපවාහිනී සජීවී දේශපාලන විවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසු අතර මෙවැනි ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමන් ජනතාව වෙතින් සමාව ඉල්ලන බවද ඔහු පැවසීය.