ශ්‍රිලනිපය සමග සාකච්ඡා එපා : පොහොට්ටු මන්ත්‍රීවරුන් දයාසිරි නිසා කිපෙයි !

ශ්‍රිලනිපය සමග සාකච්ඡා එපා : පොහොට්ටු මන්ත්‍රීවරුන් දයාසිරි නිසා කිපෙයි !

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරි ජයසේකර විසින් කරන ලද ප‍්‍රකාශයන් සම්බන්දයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ දැඩි විවේචන එල්ල වෙයි.

ඒ එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස රාජපක්ෂවරයෙක් ඉදිරිපත් වුවහොත් කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර 8ක් රාජපක්ෂ පවුලට හිමිවීම, ඊළඟ ජනාධිපතිට හිතන තරම් බලයක් නොමැති බැවින් රාජපක්ෂවරුන් ඊට පොර නොකා සිටීම සහ අපේක්ෂකත්වය ජනාධිපති සිරිසේන වෙත ලැබීම වලක්වාලීමට නොහැකි බව සදහන් කරමින් දයාසිරි මන්ත්‍රීවරයා පසුගියදා දැක්වූ අදහස් සම්බන්ධවය.

මාධ්‍ය හමු කිහිපයකදීම ශ‍්‍රීලනිප මහ ලේකම්වරයාට විරුද්දව දැඩි විවේචනාත්මකව අදහස් පලවිය.

බමුණු කුලේ එකෙක් ශ‍්‍රීලනිපයට ඇවිත් පක්‍ෂය හා නායකත්වය විනාශ කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි සී.බී. රත්නායක චෝදනා කළේය.

තම පාර්ශවයට දැඩි විවේචන එල්ල කර නැවත සාකච්චා කිරීමේ අවශ්‍යතාවයක් නැතැයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න