සියලු නාළිකාවලට අමතක වූ ගෝඨාගේ උපන් දිනය ඉෂිනි සමරයි! (වීඩියෝ )

සියලු නාළිකාවලට අමතක වූ ගෝඨාගේ උපන් දිනය ඉෂිනි සමරයි! (වීඩියෝ )

සැත්කමකට භාජනයවී මේවනවිට සිංගප්පුරුවේ විවේකී සුවයෙන් පසුවන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ (20) එරට Shangri-La නේවාසික හෝටල් කාමරයක දී සිය 70 වෙනි උපන් දිනය සැමරුවේය.

එහෙත් රටේ බොහෝ රූපවාහිනී නාළිකා සහ මාධ්‍ය ආයතන කිසිවකට ඔහුගේ උපන් දිනය සිහිපත් වූයේ නැත.

නැතිනම් එය විශේෂ පුවතක් හෝ පුවත් විශේෂාංගයක් වූයේ නැත. මන්ද ගෝඨාභය රාජපක්ෂ යනු මෙරට සිටි තවත් එක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකු පමණක් වීම නිසා වන පදනමින්‍ විය යුතුය.

කෙසේ වුවද එජාප නායක රනිල් වික්‍රමසිංහගේ සොයුරාට අයත් TNL නාළිකාව ඔහුගේ උපන් දිනයට සුබ පැතීමට අමතක කළේ නැත.

ඒ සඳහා TNL රූපවාහිනිය ගෝඨාභය රාජපක්ෂගේ ජීවන ගමනේ පිය සටහන් සහ ඔහු මෙරට ඉතිහාසය වෙනස් කරන්නට ලබා දුන් සුවිශේෂ දායකත්වය අළලා කෙටි වීඩියෝවක් ද නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබිණි.

වාර්තා වන ආකාරයට එම නාලිකාවේ ප්‍රධානි ඉෂිනි වික්‍රමසිංහ පෙරේරා විසින් එම වීඩියෝව නිෂ්පාදනය කර ඇත.

බාප්පාට නැත්නම් ගෝඨාට !

එක්සත් ජාතික පක්ෂය තම බාප්පා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොකරන්නේ නම් තම පවුලේ සියලු දෙනාගේ සහය ගෝඨාභය රාජපක්ෂට ලබාදෙන බවට ඉෂිනි වික්‍රමසිංහ මේවනවිටත් ප්‍රසිද්ධියේම ප්‍රකාශකර ඇත.

මේ වන විටත් අගමැති මාධ්‍ය අංශය මෙහෙයවමින් සිටින ඇයට අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි, අමාත්‍ය සාගල රත්නායක විසින් රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු ද පවරා තිබෙන බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න