හදිසි මැතිවරණයකට එජාපය සූදානම් : ප්‍රචාරක කටයුතු ජූලි 1 වනදා !

හදිසි මැතිවරණයකට එජාපය සූදානම් : ප්‍රචාරක කටයුතු ජූලි 1 වනදා !

එළඹෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් කඩිනමින් සූදානම්ව සිටින ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය දන්වා ඇති බව වාර්තා වෙයි.

එසේම මේ වන විටත් ආමාත්‍යංශ විසින් දියත්කර ඇති සංවර්ධන ව්‍යාපෘති හැකිතාක් ඉක්මනින් අවසන්කර ජනගත කරන ලෙසත් දන්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එජාපය ජූලි 1 වැඩ අල්ලයි !

මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජුලි මස 01වැනිදා සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්ව තීරණය කළ බවය.

ඕනෑම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් මෙම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගෙනයාමට එහි දී තීරණය කළ බව ද අමාත්‍යවරයා පැවසු අතර අමාත්‍යවරුන් අමාත්‍යංශවලින් එළියට බැස මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට තීරණය කළ බව ද පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී රැස්ව සාකච්ඡා කර තීරණ රැසකට පැමිණි බව ද අමාත්‍යවරයා කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න