සජිත් සටනට !

සජිත් සටනට !

පක්ෂ නායකත්වය ලබාගනිමින් එළැඹෙන නායකත්වයට ඉදිරිපත් වීම සඳහා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මුහුණුවර කිහිපයකින් සටනට එළැඹී ඇතැයි වාර්තා වෙයි.

මේ අනුව නව සංවිධායක තනතුර ලබා දීම සඳහා පොරොන්දු සාකච්ඡා, ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ වී ඇතැයි දැනගන්නට ලැබේ.

මෙම සාකච්ඡාවල මූලිකත්වය අමාත්‍ය මංගල සමරවීර සහ අමාත්‍ය මලික් සමරවික්‍රම ප්‍රධානත්වයෙන් පැවැතිවෙන බවද දැනගන්නට ලැබේ.

මෙම තත්වය සමග එජාපයේ සජිත් පිල සහ රනිල් පිල අතර ගැටුම් උත්සන්න වී ඇති බවත් ඒ අනුව සජිත් හිතවාදී ආසන සංවිධායකයන් ඉවත් කර ඒ වෙනුවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පුද්ගලයන් එම තනතුරු සඳහා පත්කරන්නට නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවත් දැනගන්නට ලැබේ.

කටාන ආසනයේ සංවිධායක ලෙස කටයුතු කළ සජිත් හිතවාදී රොයිස් ප්‍රනාන්දු එම තනතුරින් ඉවත් කර එම තනතුර විජිත් විජයමුණි සොයිසාට ලබා දුන්නේද එම තත්වය මත බව දැනගන්නට ලැබේ.

මේ අතර සජිත් හිතවාදී රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා සහ කරූ හිතවාදී රවී කරුණානායක අතර පසුගිය දා ඇඳුම් පිළිබඳ චක්‍රලේඛය අරබයා ඇති වූ ගැටුමද මෙහි ප්‍රතිඵල බව දැනගන්නට ලැබේ. මේ දවස්වල අමාත්‍ය රාජිත සේනාරත්න සහ අමාත්‍ය මංගල සමරවීර අතර සිගරැට් ගෙන්වීම අරබයා ආරම්භ වී ඇති ගැටුමටද හේතු වී ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ ගැටලුව බව වාර්තා වෙයි.

මංජු කස්තුරිආරච්චි
(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න