පොලිස් කමිටුවෙන් : රිෂාඩ් බදියුදීන් නිදහස් !

පොලිස් කමිටුවෙන් : රිෂාඩ් බදියුදීන් නිදහස් !

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ කිසිදු සබඳතාවයක් නැති බව විශේෂ පොලිස් වාර්තාවක් මගින් අනාවරණය කර ඇති බව වාර්තා වෙයි.

ආරක්ෂක අංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පාස්කු ප්‍රහාරයට අදාළව අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි යන අයගේ සම්බන්ධයක් ඇතිදැයි පැමිණිලි භාරගෙන විමර්ශනය කිරීමට සොයා බැලීමට පත්කරන ලද විශේෂ පොලිස් විමර්ශන කමිටුව මගින් මෙම වාර්තාව නිකුත්කර තිබේ.

එසේම මේ වන විට අදාළ වාර්තාව කතානායක කරූ ජයසූරිය වෙත යොමුකර ඇති බවත් වාර්තා වෙයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී. ප්‍රියන්ත මහතාගේ සභාපතීත්වයෙන් තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ සහභාගීත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක විය.

අදාළ තැනැත්තන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා නැගූ පිරිස්වලට තමන් සතු සාක්ෂි සහිතව පොලිස් විමර්ශන කමිටුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට සතියක කාලයක් ලබාදුන් අතර එම කමිටුවට පාර්ශව කිහිපයකින්ම පැමිණිලි ගණනාවක් ලැබී තිබුණි.

එම පැමිණිලි එකිනෙක විමර්ශනය කර ඇති මෙම පොලිස් කමිටුව සිය වාර්තාවේ දක්වා ඇත්තේ අදාළ පැමිණිලි හරහා එල්ල කරනු ලැබූ චෝදනා කිසිවක් සාක්ෂි සහිතව කිසිසේත් ඔප්පු වී නැති බවය.

අනතුරුව චෝදනා ලැබූ තිදෙනා අතුරින් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අප්‍රේල් 21 ප්‍රහාරයට හෝ ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ බවට නැගුන චෝදනා පදනම් විරහිත බව සිය වාර්තාවේ දක්වා ඇත.

මේ සම්බන්ධ අනාවරණයක් දේශය පුවත්පතේද පළකර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න