මන්ත්‍රී ලක්ෂ්මන්ගේ : ලක් FM වැහෙන ලකුණු : සේවක වැටුප් ගෙවලත් නෑ !

මන්ත්‍රී ලක්ෂ්මන්ගේ : ලක් FM වැහෙන ලකුණු : සේවක වැටුප් ගෙවලත් නෑ !

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ ඔහුගේ බිරිඳගේට අයත් ලක් FM ගුවන්විදුලිය මේ වනවිට කඩා වැටිමකට ලක්ව ඇති බව පවසා සේවකයන්ට ඉතා අසාධාරණ ලෙස සලකන ආකාරයක් පිළිබඳ විශ්වාසවන්ත ආරංචිමාර්ග තොරතුරු වාර්තා කරයි.

⁣මේ වනවිට ආයතන අභ්‍යන්තරයේ පවතින ගැටලු හේතුවෙන් ආයතනයෙන් සේවකයන් රැසක් ඉවත්වී ඇති බවත් පරිපාලනයේ පවතින දුර්වලතා ඊට දැඩි ලෙස බලපා තිබෙන බවද වාර්තා වන අතර වසර ගණනක සිට සේවකයන්ගේ වැටුපෙන් ETF සහ EPF අය කර ඇති අතර එය කම්කරු දෙපාර්තමේන්තුවවට ගෙවා නොමැති බවද එම ආරංචිමාර්ග සඳහන් කරන අතර එම අදාල මුදල්වල⁣ට සිදුවූයේ කුමක්ද යන්න තවමත් ගැටලුවක් තිබෙන බවත් වාර්තා වෙයි.

⁣එමෙන්ම ආයතනයේ සේවකයන්ගේද වැටුප් මේ වනවට අඩක් පමණක් ගෙවන බවද වාර්තා වන අතර බැංකු ණය ආදිය ලබාගෙන සිටින සේවක පිරිස් ඒ හේතුවෙන් දැඩි ලෙස අසරණ වී ති⁣බෙන බවත් දැනගන්නට ඇත.

මතුව තිබෙන බරපතළ ප්‍රශ්නකාරී තත්ත්වය සම්බන්ධව විශේෂයෙන් සේවක වැටුප් ගෙවීමේ අර්බුදය සම්බන්ධව පරිපාලනයෙන් විමසා සිටියද ඊට නිසි පිළිතුරක් දීමට පරිපාලනය අසමත් බවත් ආයතනයෙන් ඉවත්වූ පිරිසගේ වැටුප් පවා මේ වනවිට නතර කර තිබෙන බවත් වාර්තා වෙයි.

එම සේවකයින් සේවය කළ මාසයේ වැටුප එලෙස නතර කිරීම ආයතනයේ සේවය කරන සේවකයන්ගේ පවා දැඩි පිළිකුලට ලක්ව තිබෙන අතර දැනට නියුතු සේවක පිරිසද ආයතනයෙන් ඉවත්ව යාමට කැමැත්තෙන් සිටියත් ඔවුන්ටද ඉවත්ව යාමට සිදුව ඇත්තේ හිස් අතින් වැටුප් රහිතව බැවින් දැඩි පීඩනයකින් පසුවන බවත් අප ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Lak Fm ආයතනයෙන් සේවකයන්ට සිදුව ඇති අසාධාරණය පිලිබද කම්කරු කාර්යාලයේ පැමිණිල්ලක් ගොනු කිරීමටද ඔවුන් කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න