19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමට නායකත්වය ලබාදුන් ජනාධිපතිවරයා එය ගැටලුකාරී බව ප්‍රකාශ කිරීම හාත්ස්‍යයට කරුණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.
18 වන සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉවත් කළ යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කළහොත් ඊට සහාය ලබානොදෙන බවත්, එය 2015 ජනවරමට පටහැනි බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් කළ මෙහෙවර බිද දමමින් ජනාධිපතිවරයා කටයුතු කිරීම පිළිගත නොහැකි බවත්, ඊට තමන් විරුද්ධත්වය පළ කරන බවත් පවසයි.
එසේම ජනාධිපතිවරයා විවිධ අවස්ථා වල දී කරන ප්‍රකාශ ජනතාව පිළිනොගන්නා බවත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ ඉදිරිපත් කර විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතු බවට තමන් යෝජනා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ඉඩ ලබා නොදෙන බවත්, ප්‍රතිපත්ති ඉතා වැදගත් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

