කාංචනගෙන් වෙල්ගමට ටොක්කක් !

කාංචනගෙන් වෙල්ගමට ටොක්කක් !

ගෝඨාභය රාජපක්ෂව එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 54 දෙනා අතුරින් 53 දෙනෙකු එකග බවත් ඊට විරුද්ධව සිටින්නේ එක් මන්ත්‍රීවරයකු පමණක් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පවසයි.

සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කරන අතර ගෝඨාභයට විරුද්ධ මන්ත්‍රීවරයාගේ කැමැත්ත තමන්ට අපේක්ෂකත්වය ගැනීමට බවත් ඔහු සදහන් කර ඇත.

Screenshot 20190626 113038

පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මේ කියන තනි මන්ත්‍රීවරයා අන් කිසිවෙකු නොව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ය.

වෙල්ගම ගේ හුදෙකලා සටන !

ඔහු මේ වන විට ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධව විරෝධය දක්වමින් සිටින අතර එහිදී දැඩිව අවධාරණය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් නොමැති අයෙකු ජනාධිපති කිරීම බියකරු සිහිනයක් බවය.

තමන් ඒ බව ඇසීමටත් බියක් දක්වන බවත් පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් සිටියදී ගෝඨාභය රාජපක්ෂ ට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම කිසිසේත් අනුමත නොකරන බවත් වෙල්ගම මන්ත්‍රීවරයා දිගින් දිගටම අවධාරණය කර සිටියි.

බැසිල්ගේ ගේමක් !

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතමුන් සදහන් කරන්නේ වෙල්ගම මන්ත්‍රීවරයා ගෙන යන මේ ගෝඨාභය විරෝධී ප්‍රචාරය පිටුපස පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සිටින බවය.

ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමට නෛතික ගැටලුවක් පැමිණිය හැකි බවට ප්‍රචාරය කරන්නේද බැසිල් රාජපක්ෂ බවත් ඔහුගේ අපේක්ෂාව වී ඇත්තේද ගෝඨාභය වෙනුවට ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම බවත් ඔවුන්ගේ මතය වී තිබේ.

මේ අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඉදිරියේ දී පක්ෂය මාරු කරනු ඇති බවත් ගෝඨාභය හිතවාදී සමාජ මාධ්‍ය ජාල ප්‍රචාරය කරමින් සිටින අතර බැසිල් රාජපක්ෂ සම්බන්ධවද විරෝධයක් ඔවුන් මතුකරමින් සිටියි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි ඊයේ (25) බරපතල බැසිල් විරෝධයක් දක්වා තිබීම ඊට සාක්ෂි දරයි.

මෙම පාර්ශවයන්ගේ අදහස වී තිබෙන්නේ මේ මොහොතේ ජාතික ආරක්ෂාව සම්බන්ධ මාතෘකාව කෙරෙහි වැඩි ජනතා අවධානයක් මතුව ඇති බැවින් ඒ ජනතා මතය බැරකර ගතහැකි එකම අපේක්ෂකයා ගෝඨා බවය.

වාසු කඩේ වහයි

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ද දැඩි ගෝඨා විරෝධයක් දක්වා සිටි නමුත් මේ වන විට ඔහු නිහඩව සිටියි.

පසුව අවස්ථා කිහිපයක වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ හිටපු ජනාධිපති , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යෝජනා කරන ඕනෑම අපේක්ෂකයකු වෙත සහය දෙන්න තමන් සූදානම් බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න