ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධිචෝදනා පත‍්‍රය සංශෝධනය කිරීමට නීතිපතිවරයා ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟතාවය පළ කර තිබේ.
බුවනෙක අළුවිහාරේ, ප‍්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රීතී පද්මන් සූරසේන යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කළ අභියාචන පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මෙම එකඟත්වය පළ කර ඇත.
වීරකැටිය මැදමූලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට විත්ති කරුවන් ලෙස ගෝඨාභය රාජපක්ෂ සමග 07 දෙනෙකු නම් කර ඇති අතර එම සෙසු විත්තිකරුවන් වන්නේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී. මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අයයි.
ඒ අනුව අදාළ පෙත්සම ජුනි මස 18 වනදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදින මෙම කරුණ සම්බන්ධයෙන් වැඩිදුරටත් සලකා බලන බවට නියෝග කර තිබේ.

