සිරිසේනගේ උත්සාහය ගැන මුතුහෙට්ටිගමගෙන් අනාවරණයක් !

සිරිසේනගේ උත්සාහය ගැන මුතුහෙට්ටිගමගෙන් අනාවරණයක් !

තව සති කිහිපයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් පොදුජන පෙරමුණත් එක්ව අලුත් සන්ධානයක් ගොඩනගන බවද එහිදී ජනාධිපති අපේක්ෂකත්වය එක් පක්ෂයකටද අනෙක් පක්ෂයට අගමැති අපේක්ෂකත්වයද ලැබිය යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ අදහස් පළකළේ ඊයේ (26) ගාල්ල දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකරි කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.‍

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

කුහකයො කැමති නෑ මේ එක්කාබද්ධයට. අපි බොහොම කැප වීමෙන් මේ සන්ධානයට සුබ පතනවා. සුබ පතන්න බලන් ඉන්නවා. අපි තව සති කීපයක් ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය, පොදුජන පෙරමුණ මේ සියලු කණ්ඩායම් එක් වෙලා ගොඩනගනවා අලුත් සන්ධානයක්.

ඒක මේ රටේ බිහි වෙච්ච දේශපාලන පක්ෂ වල දැවැන්ත පක්ෂයක් බවට පත්වෙයි කියලා අපි විශ්වාස කරනවා.

ඉදිරි ජනාධිපති වරණයට අපේ පක්ෂ දෙක එකතු වෙලා තීරණය කරනවා එක පක්ෂයකට අගමැතිකම, අනික් පක්ෂයට ජනාධිපතිකම. ඕක තමයි අවසාන තීරණය.

එහෙම නැතිව එක පක්ෂයට දෙකම දීලා ජනාධිපතිවරණයක් ඉස්සරහට යන්න බෑ. ජනාධිපතිවරණයක් ඉස්සරහට යනවා නම් එක පක්ෂයක් භාර ගත යුතුයි ජනාධිපතිකම අනිත් පක්ෂය අගමැති කමත් භාර ගත යුතුයි.

ඒක තමයි සන්ධානය කියන්නේ. මේ සන්ධානය කියන්නේ නිකන් නෙමේ. ඒවායේ ඡන්ද තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඡන්ද තියෙනවා. ඒක පසුගිය මැතිවරණ වලදී ඔප්පු උණා නේ. ඉස්සරහටත් ඔප්පු කරලා පෙන්වනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න