තාජුඩීන් ඝස්තනයේ තොරතුරු සැගවූ : අනුරගේ නඩුව විභාගයට සූදානම් !

තාජුඩීන් ඝස්තනයේ තොරතුරු සැගවූ : අනුරගේ නඩුව විභාගයට සූදානම් !

රගර් කී‍්‍රඩක මොහොමඩ් තාජුඞීන් ඝාතනයේ තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහි අධිචෝදනා විවෘත අධිකරණයේ දී ඔහුට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ලබන ඔක්තොබර් 23 වැනිදා සිට නඩුව විභාග කිරීමට අද (27) නියම කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඇප වශයෙන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ තැන්පත් කර ඇති රුපියල් ලක්‍ෂ 10ක මුදල් ඇපය මෙම නඩුවේද මුදල් ඇපය වශයෙන් බාරගැනීමට නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් ලක්‍ෂ 20 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හැරීමට නියම කළේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නිකුත් කර තිබු සිතාසියකට අනුව අනුර සේනානායක අධිකරණයේ පෙනී සිටියේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක විත්ති කූඩුවට ගොඩ වූ අතර ඔහුට එරෙහි අධි චෝදනා පත‍්‍රය විනිසුරුවරයා විසින් විවෘත අධිකරණයේ දී බාර දෙන ලදී.

2012 මැයි 12 වැනිදා හෝ ඊට ආසන්න කාලයේ දී ඝාතනය කළ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයේ අපරාධකරුවන් නීත්‍යනුකූල දඬුවමෙන් ආරක්‍ෂා කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයු බවට සහ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වුවහොත් මරණීය දඬුවමෙන් දඬුවම් ලැබිය හැකි බව දනිමින් එම අපරාධයේ වරදකරුවන් ආරක්‍ෂා කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටි නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂ සුමිත් චම්පික මෙම නඩුවේ පැමිණිල්ලේ ප‍්‍රධාන සාක්කිකරු වශයෙන් නම් කර ඇත.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව මීට පෙර අවස්ථාවක තම සේවාදායකයාට ඇප නියම කර ඇති හෙයින් එම ඇපය මතම හෝ සුදුසු ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විත්තිකරුට ඇප නියම කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් ඇප කොන්දේසියක් ද පැනවීය.

පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් කළ බවට අධිකරණයට පැමිණිල්ලක් ලැබුණු හොත් නියම කර ඇති ඇපය අවලංගු කර නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කරන බව විත්තිකරුට දැනුම් දුන් විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සළකුණු ලබා ගන්නා ලෙසද නියම කළේය.

විත්තිකරුට එරෙහි නඩුව ලබන ඔක්තොබර් 23,24 සහ නොවැම්බර් 07,08,15 වැනි දිනවල විභාග කිරීමට නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන 30 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ ගනේෂ් ධර්මවර්ධන ඇතුළු නීතීඥ මඩුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා පෙනී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න